spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 12,000ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 912ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,228  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයි‍ඕසී සමාගම රුපියල් මිලියන 124
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 71
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 62

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාම කොටස් මිලියන 6.2
  • එස්එන්බී ලීසිං සමාගම (X)  කොටස් මිලියන 5.5
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 4.9

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සීඩීබී සමාගම 5%
  • කප්රුක සමාගම 4%
  • රේණුක ෆුඩ්ස් සමාගම 4%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 255
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 27 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 117ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 90ක මුදලක් කොටස් වෙළෙඳ  පොළින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම  රුපියල් මිලියන 4.8
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 3.5
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 3.4

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 60
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 46

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles