spot_img
spot_imgspot_img

පාසල් සඳහා විශේෂ නිවේදනයක්

පුවත්

විදෙස්

2023 වර්ෂය සඳහා පාසල් අධ්‍යයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කරනු ලැබ ඇත.

ඒ අනුව 2023 වර්ෂයේ පළමු වාරය මාර්තු මස 27 වැනි දින ආරම්භ වන අතර පළමු අදියර අප්‍රේල් 04 වැනි පාසල් පැවැත්වීමෙන් පසු අවසන් වෙයි. අප්‍රේල් 05 වැනි දා සිට 16 වැනි දා දක්වා නිවාඩු ලබා දී ඇත.

පළමු වාරයේ දෙවැනි අදියර අප්‍රේල් මස 17 වැනි සඳුදා ආරම්භ වන අතර මැයි මස 12 වැනි දින දක්වා පාසල් පැවැත්වීමට නියමිතය. අපොස සාමාන්‍ය පෙළ විභාග මැයි මාසයේ පැවැත්වීමට කටයුතු කර ඇති බැවින් මැයි මස 13 වැනි දින සිට 25 වැනි දින දක්වා පාසල් නිවාඩු දීමට නියමිතය

පළමු වාරයේ තුන්වැනි අදියර ආම්භ වන්නේ මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා දිනයේ දී ය. ජූලි මස 20 වැනි දින පාසල් පැවැත්වීමෙන් පසු එදින නිවාඩු ලබා දෙයි. නමුත් ‍සිකුරාදා (ජූලි 21) දින සහ සඳුදා (ජූලි 23) පාසල් නොපැවැත්වුව ද දෙවැනි වාරය ජූලි 24 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇත.

දෙවැනි වාරය ජූලි මස 24 වැනි දින සිට ඔක්තෝබර් 13 වැනි සිකුරාදා දක්වා පැවැත්වෙයි. 2023 වර්ෂයට නියමිත පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යථ්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා ඔක්තෝබර් 14 වැනි දා සිට නොවැම්බර් 12 වැනි දා දක්වා පාසල් වසා තැබීමට තීරණය කර ඇත.

තුන්වැනි වාරයේ පළමු අදියර නොවැම්බර් 1 වැනි දින ආරම්භ වන අතර දෙසැම්බර් 22 සිකුරාදා දින පාසල් පැවැත්වීමෙන් පසු එය අවසන් කෙරෙ. 2023 වර්ෂයේ අවසන් වාරයේ දෙවැනි අදියර 2024 වර්ෂයේ ජනවාරි 02 වැනි අඟහරුවාදා ආරම්භ කෙරෙන අතර එය අවසන් කරන්නේ පෙබරවාරි 09 වැනි සිකුරාදා පාසල් පැවැත්වීමෙනි.

ඒ අනුව 2023 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!