spot_img
spot_img

දුම්රිය දෙපාර්තමේන්තුවේ කෝටි ගණනක මුදල් නාස්තියක් ?

පුවත්

විදෙස්

දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුව ඇති රුපියල් කෝටි ගණන ගැටලු සහගත මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් විගණන වාර්තාවකින් කරුණු අනාවරණය වී ඇත.

එම විගණන වාර්තාව පෙන්වා දෙන්නේ රුපියල් ‍කෝටි 12කට වැඩි ගෙවීම් සපයා නොමැති භාණ්ඩ සඳහා සැපයුම්කරුවන් වෙත ගෙවා ඇති මුද්ල ද යන්න පිළිබඳ සැකයක් පවතින බවයි.

2021 වර්ෂයේ දී දුම්රිය දෙපාර්තමේන්තුව සපයා නොමැති භාණ්ඩ සඳහා රුපියල් කෝටි 09ක් ගෙවා ඇති බව ද විගණන වාර්තාව දක්වයි. මෙවැනි සැපයුම් සඳහා ගෙවීම් කළ යුත්තේ අදාල භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් සහ නිවැරදි ප්‍රමාණයෙන් ලැබුණු බවට ගෙවීම් භාණ්ඩ සහිතක කරනු ලබන නිලධාරියාගේ නිර්දේශය ලැබීමෙන් පසුව වුව ද එවැනි පියවරක් අනුගමනය කර නැත.

දුම්රිය දෙපාර්තමේන්තුවට 2019 අප්‍රේල් මස 10 වැනි දින ලැබී තිබූ රුපියල් ලක්ෂ 160ක් වටිනා අමතර කොටස් වගණනය කරන දිනය දක්වා භාවිතයට ගෙන නැතැයි ද විගණන වාර්තාවේ සඳහන් වේ.

දුම්රිය දෙපාර්තුව වසර 23කට වඩා වැඩි කාලයක් රුපියල් ‍කෝටි 62කට අධික ණයවර ලිපි නිරවුල් කර නැතැයි ද විගණන කාර්යාලය නිකුත් කර වාර්තාාවේ දැක්වේ. ඉන් කෝට් 12ක් වසර 2ත් 23තත් අතර කාලයක් පැරණි බව ද එහි දැක්වේ.

මෙවැනි විශාල මුදලක ණයවර ලිපි නිරවුල් නොකිරීම සම්බන්ධයෙන් විගණන කාර්යාලය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හේතු විමසා ඇති නමුත් ඒ සඳහා කරුණු ඉදිරිපත් කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!