කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 14,352ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,091ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 115ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,491ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- විදුලංකා සමාගම රුපියල් මිලියන 655
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 251
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 168
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- විදුලංකා සමාගම කොටස් මිලියන 109
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 61
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස‍්හෝල් සමාගම කොටස් මිලියන 15
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- මුලර්ස් සමාගම 08%
- බ්‍රවුනස් බීච් සමාගම 08%
- රේණුක හෝල්ඩින් සමාගම (X) 05%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- විදුලංකා සමාගම කොටස් මිලියන 108ක් රුපියල් 6.00 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් 950,000 රුපියල් 142.00 බැගින්
- මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 3.5ක් රුපියල් 58.00 බැගින්
- අමානා තකාෆුල් සමාගම කොටස් මිලියන 09ක් රුපියල් 12.20 බැගින්
- සම්පත් බැංකුව කොටස් ලක්ෂ 05ක් රුපියල් 54.80 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 286
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 848ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 823ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 25ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 24
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 17
- ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 05
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- කොළඹ ඩොක්යාර්ඩ් සමාගම රුපියල් මිලියන 13
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 10
- එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 05
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ