spot_img
spot_imgspot_img

ඔස්කාර් සම්මාන: හොඳම නිළිය ප්‍රථම වරට ආසියාවෙන්

පුවත්

විදෙස්

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ ඉරිදා (12), පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙලේ දී “Everything Everywhere All at Once” හොඳම චිත්‍රපටයට හිමි කුසලානය දිනා ගත්තේය.

රංගනය සඳහා පිරිණැමෙන ඔස්කාර් සම්මාන හතරෙන් තුනක් සහ හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය, හොඳම තිර රචනය ඇතුළුව මෙම චිත්‍රපටය සමස්ත සම්මාන හතකට හිමිකම් කීවේය.

ඔස්කාර් ඉතිහාසයේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂවරයා සහ රංගන ත්‍යාග තුනක් වෙනත් කිසිම චිත්‍රපටයක් මෙතෙක් දිනාගෙන නොමැත.

චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපනය කළ මැලේසියානු ජාතික 60 හැවිරිදි මිචෙල් යෝ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නා ලදී. විකල්ප විශ්වයන් තුළ තමාට සුපිරි බලයන් ඇති බව විශ්වාස කරන ආතතියෙන් පෙළෙන ලොන්ඩරි හිමිකරුවෙකුගේ චරිතය ඇය එහි නිරූපනය කළාය.

ඒ අනුව ඔස්කාර් සම්මාන උළෙලක දී හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ පළමු ආසියානු කාන්තාව බවට මිචෙල් යෝ පත්විය.

චිත්‍රප‍ටයේ, මිචෙල් යෝ ගේ ස්වාමියාගේ චරිතය නිරූපනය කළ කේ හියු ක්වාන්ට හොඳම සහාය නළුවාට හිමි සම්මානය ද එහි රඟපෑ ජැමී ලී කර්ටිස්ට හොඳම සහාය නිළියට හිමි සම්මානය ද හිමි විය.

ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම කළුවාට හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ “The Whale” චිත්ව‍රපටයේ රඟපෑ බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් විසිනි. තම දියණිය සමඟ නැවත මිතුරු වීමට උත්සාහ කරන දැඩි තරබාරු මිනිසෙකුගේ චරිතය ඔහු එහි නිරූපනය කළේය.

පළමු ලෝක සංග්‍රාමයේ වීර කාව්‍යයේ ජර්මානු ප්‍රතිනිර්මාණයක් වන “All Quiet on the Western Front” හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය ලෙස නම් කරන ලදී.

රුසියාවේ විපක්ෂයේ ජනප්‍රිය චරිතයක් වූ ඇලෙක්සෙයි නවාල්නිට විෂ ශරීරගත වීම සහ 2021 දී මොස්කව් වෙත ආපසු පැමිණීමෙන් පසු ඔහු රඳවා තබා ගැනීමේ සිදුවීම පිළිබඳව නිපදවූ ‘නවාල්නි’ චිත්‍රපටය හොඳම විශේෂාංග වාර්තා චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගන්නා ලදී.

“RRR” නම් ඉන්දියානු චිත්‍රපටයේ ජනප්‍රිය නර්තන ගීතයක් වන “Naatu Naatu” හොඳම ගීතය ලෙස සම්මානයට පාත්‍ර විය. ඉන්දියානු ගීතයකට ඔස්කාර් සම්මානයක් හිමිවූයේ ප්‍රථම වතාවට ය.

Guillermo del Toro ගේ “Pinocchio” හොඳම සජීවිකරණ (ඇනිමේෂන්) චිත්‍රපටය ලෙස නම් කරන ලදී.

චිත්‍රපට ඇකඩමියේ සිටින නළු නිළියන්, නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් සහ චිත්‍රපට ශිල්පීන් 10,000ක් පමණ දෙනා විසින් ඔස්කාර් සම්මාන ජයග්‍රාහකයින් සඳහා ඡන්දය ප්‍රකාශ කරනු ලැබේ.

https://www.bbc.com/news/entertainment-arts-64935289

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!