spot_img
spot_imgspot_img

ජර්මන් යුවතියක්ට මාතර දී, ත්‍රී රෝද කල්ලියක් කළ හිරිහැර ගැන ඇය ලෝකයට ම කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් යුවතියක් මාතර සිට මිරිස්ස බලා යාමට ගත් උත්සාහයේ දී ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් විසින් ඇය ඇතුළු තිදෙනා වටකරගෙන සිදුකරන ලද හිරිහරයක් සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍යවෙත වීඩියෝ ප්‍රකාශයක් මුදාහැර තිබේ.

මේ එහි සිංංහල පරිවර්ථනයකි.

“මම එමරි, මම ආවේ ජර්මනියේ ඉදන්. අද 2023 පෙබරවාරි 18 වැනි දා. අපි සාමාන්‍ය බස් එකකින් ආවා මාතරට. අපි පික්මී එකක් දාගත්ත එතැනින්. අපි තුන් දෙනෙකුට, මිරිස්ස වෙරළට යන්න කාර් එකක් තමයි ගත්තේ. නමුත් නොසිතූ විදියට අපිව ත්‍රීවීල් රියදුරන් කිහිප දෙනකු විසින් වටකර ගත්තා. ඒ ත්‍රීවීල් රියදුරන් අපි ගත්තු පික්මී එකට එතන නවත්වන්න ඉඩ දුන්නේ නැහැ. පස්සේ අපි ඊළඟ තැනට ගිහින් තමයි රියදුර‍ාව මුණ ගැහුණේ. නමුත් ඔවුන් අපිට කාර් එකට නගින්න ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට කොමිස් මුදලක් දෙන්න පවා අපට සිදුවුණා. ඒ මුදල් දුන්නට පස්සේ තමයි පික්මී රියදුරාට අපිව ගෙනියන්න පුළුවන් වුණේ. මට හරිම දුකයි. සංචාරකයෙක් විදියට මම කියන්නේ හරිම අප්‍රසන්න අත්දැකීමක්. අපි කැමතියි අපේ සංචාරය වෙනුවෙන් ගෙවන්න. ඒත් පික් මී රියදුරාට කතා කරන්න වුණා අනිත් ත්‍රීවීල් රියදුරන් එක්ක. මම හිතන්නේ පික් මී රියදුරන්ට මේ තත්වය එතරම් හොඳ මදි. මේක තමයි ඉතින් අපේ කතාව. මේ සියලු දේවලින් පස්සේ පික්මී රියදුරා අපිව එක්කන් යනවා වෙරළ තීරයට.”

ශ්‍රී ලංකාවේ නීතිය අනුව බර, දුර, දිග, ප්‍රමාණය අනුව කිසියම් ද්‍රව්‍යයක් හෝ සේවාවක් ලබාදෙන්නේ නම් එය සම්මත ක්‍රමයකට මැනිය යුතු අතර ඒ සඳහා නිශ්චිත මුදල් අයකිරීමේ ක්‍රමයක් ද තිබිය යුතුය. ඒ අනුව ත්‍රී රෝද රථමගින් මගී ප්‍රවාහන සේවා සපයන්නේ නම් ඒ සඳහා දුර අනුව මුදල් අයකිරීමේ පිළිගත් ක්‍රමවේදයක් තිබිය යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ ත්‍රී රෝද රථ සඳහා මෙය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත.

බස්නාහිර පළාත් සභාව මගින් ත්‍රී රෝද රථ සඳහා මීටර අනිවාර්ය කර තිබුණ ද එම පළාතේ ද එය ක්‍රියාත්මක වීම මඟහැරීමටත් තම අභිමතය පරිදි ගාස්තු අයකිරීමටත් ත්‍රී රෝද රථ රියදුරන් කටයුතු කරති.

විශේෂයෙන් ම විදේශිකයන්ට සේවා ලබාදීමේ දී මීටර ක්‍රමයට සේවය ලබාදෙන PickMe වැනි සේවා සපයන අයට තර්ජනය කිරීම සංචාරක ප්‍රදේශවල බහුලව දැකිය හැකිය.

මේ සම්බන්ධයෙන් රජයේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව අපි සිහිපත් කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!