spot_img
spot_imgspot_img

ෂාෆ්ටර්ගේ ඇඳ ඉහපත වර්තාව අධිකරණයට දී නෑ. දින දෙකක් ඇතුළත දෙන්න යැයි නියෝගයක්

පුවත්

විදෙස්

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර අවස්ථාවේ කරන ලද ප්‍රතිකාර සම්බන්ධයෙන් ඇඳ ඉහපත් අංකය යටතේ ප්‍රතිකාර ලැබූ මූලික පරීක්ෂණවලට අදාල වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් දින දෙකක් ඇතුළත ඒවා ඉදිරිපත්කරන්න යැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (22) නියෝග කළාය.

අධිකරණය මගින් අදාළ නියෝගය නිකුත් කර සතියකට අධික කාලයක් ගත වුව ද ඊයේ වනවිටත් එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

අධිකරණයේ දී අනාවරණය වන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධ අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඔහුට මූලික ප්‍රතිකාර කළ ඇඳ ඉහපත් අංකය සඳහන් නොවන බවයි. එබැවින් 2022 දෙසැම්බර් 15 වැනි දින ප්‍රතිකාර ලබාදුන් ඇඳ ඉහපත් වාර්තාව, ස්කෑන් වාර්තාව ආදී සියලු අනුගතික වෛද්‍ය වාර්තා අධිකරණයට ලබාදෙන ලෙස පෙබරවාරි 14 වැනි දා අධිිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මරණකරු භාවිතා කළල වතුර බෝතලය, ගෙල සිරකර තිබූ පටිය, දෙඅයත් බැඳ තිබූ පටිය ආදියෙහි ආගන්තුක ජෛව සාම්පල ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම්දීමත් සමඟ මේ මරණය සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීම මහේස්ත්‍රාත්වරිය විසින් පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් වෙත පවරා මතය විමසීමට තීරණය කර තිබිණි. එලෙස සිදුකරන ලද්දේ දැනට ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්සණ වාර්තාව සහ කෙටි මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරුණු පරස්පර වීම හේතුවෙන් බව ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

මේ සඳහා ජ්‍යෙෂ්ඨතම විශේෂඥ අධිකරණ වෛද්‍යවරු සහ විශ්වවිදයාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් ඉදිරි සතියේ පත්කරන බව ද මහේස්ත්‍රාත්වරිය විසින් අධිකරණයේ දී ප්‍රකාශ කරන ලදී.

මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ ලබාගන්නා ලද ඡායාරූප සහ වීඩියේ දර්ශන ඇත්නම් ඒවා වහාම අධිිකරණයට ඉදිරිපත් කරන ලෙසට කරන ලද නියෝගය අනුව එම වාර්තා අධිකරණයට ලැබී ඇති බව ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.  මෘතදේහය සම්බන්ධයෙන් ක්‍රියාකළ වෛද්‍ය නලින් යන අයගේ වාර්තාව සහ බොරැල්ල පොලිසියේ සොකෝ නිලධාරීන්ගේ ඡායාරූප පිටපත් ද අධිිකරණයට ලැබී ඇති බව ද සඳහන් කෙරිණි.

මෙම මරණය සියදිවි නසාගැනීමක් ද ? ඝාතනයක් ද ? යන්න තීරණය කිරීම සඳහා අවශ්‍ය සියලු වාර්තා අතරින් දැනට අඩුවක් වී ඇතතේ ඇඳ ඉහපත වාර්තා බැවින් එම වාර්තා දින දෙකක් ඇතුළත ඉදිරිපත් කරන්න යැයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෙත සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!