spot_img
spot_imgspot_img

කුරුණෑගල නගරාධිපති ඉවත් කරයි

පුවත්

විදෙස්

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ එම තනතුරෙන් ඉවත්කිරීමේ අති විශේෂ ගැසට් නිවෙද්නයක් නිකුත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ කටයුතු කර තිබේ.

කුරුණෑගල මහ නගර සභාවේ 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත්වීමෙන් පසු එම මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි මෙම ගැසට් නිවේදනය ඊයේ (21) නිකුත් කර ඇත.

එම නිවේදනය අනුව තුෂාර සංජීව විතරණ 2022 දෙසැම්බර් 31 වැනි දින සිට කුරුණෑගල නගරාධිපිත ධූරයෙන් ඉවත්කළ බව ද නගරාධිපති ධූරය පුරප්පාඩු වී ඇති බව ද දැනුම් දී තිබේ.

මෙලෙස ඉවත්කරන ලද හිටපු නගරාධිපතිවරයා ඉදිරියේ පැවැත්වෙවන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කිරීමට නාම යෝජනා භාරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!