spot_img
spot_imgspot_img

තරුණියකගේ වෙස්ගත්, පිරිමියකුගේ කප්පම් සෙල්ලම නිසා, පාසල් සිසුවා සියදිවි නසාගෙන

පුවත්

විදෙස්

බණඩාරගම, ගුංගමුවේ දී මීට මාස 14කට පෙර පාසල් සිසුවකු ගෙල වැලලාගෙන මියගියේ තරුණියක ලෙස පෙනී සිටි පුද්ගලයකු දරුවාගෙන් කප්පම් ගැනීම හේතුවෙන් යැයි අනාවරණය වූ බව පොලිසිය පවසයි.

පසුගිය 2021 වර්ෂයේ ඔක්තෝබර් 21 වැනි දා නිවස තුළ දී ම ගෙල වැලලාගෙන 16 හැවිරිදි පාසල් සිසුවා මියගොස් සිටියේය. ඔහුගේ පියා මෝලි වික්‍රමරත්න එකල පවසා තිබුණේ තමන් බුලත්විට විකුණා ලබාගන්නා මුදල්වලින් දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය ජංගම දුරකථනයක් ගෙවීමේ ක්‍රමයට රැගෙන දුන් බවයි.

කෙසේ වෙතත් මෙම ජංගම දුරකථනය තම දරුවාගේ මරණයට හේතුවක් වන්නට ඇතැයි ඔහුට බරපතල සැකයක් තිබූ අතර ඒ පිළිබඳ ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සමන්ත වෙදගේට කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක්  යොදවා පරීක්ෂණ සිදුකර තිබිණි.

එහි දී අනාවරණය වී ඇත්තේ මියගිය පාසල් සිසුවා කිසියම් අයකු සමඟ ජංගම දුකරථනය ඔස්සේ සම්බන්ධ වී ඇති බවයි. එලෙස සම්බන්ධ වූ තැනැත්තා තරුණියක ලෙස පෙනී සිටිමින් මෙම සිසුවා රවටා ඇති අතර පසුව සිසුවාගේ නිරුවත් දර්ශන ලබාගෙන ඇති බව ද පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ඉන් පසු එම නිරුවත් දර්ශන ප්‍රසිද්ධ කරන බව පවසමින් දරුවාට තර්ජනය කරමින් වරින් වර මුදල් සහ පෙර ගෙවුම් කාඩ්පත් ලබාගෙන ඇතැයි ද විමර්ශනවලින් හෙළිදරව් කරගෙන තිබේ.

කිසිවක් කරකියගත නොහැකිව අසරණ වූ සිසුවා එම තැනැත්තාට වරින් වර මුදල් සහ පෙර ගෙවුම් කාඩ්පත් ලබා දී ඇත්තේ සිය පියා බුලත්විට විකුණා උපයා ගන්නා මුදල් සොරකම් කරමින් බව ද පියාගෙන ප්‍රකාශවලින් අනාවරණය වී ඇත. සිසුවාගේ ඇඳුම් සහ පොත්පත් අතර පෙර ගෙවුම් කාඩ්පත් රැසක් තිබී හමුවූ බව ද පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මුදල් සහ කාඩ්පත් නොදුන්නොත් සිසුවාගේ සමීපතමයන් මරා දමන බවට ද මෙලෙස කප්පම් ගත් පුද්ගලයා තර්ජනය කර ඇති බවිය.

සිසුවාගේ සියදිවි නසාගැනීමට හේතුව මෙම කප්පම්කරු බව අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලැබුණු වහාම නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිසිය සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!