spot_img
spot_imgspot_img

ගුවන් සේවිකා රැකියා දෙන බව කියා තරුණියන් නිරුවත් කළ ජල මනු කියවන්නකු අත්අඩංගුවට

පුවත්

විදෙස්

“රුවැත්තියන්ගේ ගැටලු” නමින් facebook ගිනුමක් පවත්වාගෙන යමින් ගුවන් සේවිකාවන් බඳවා ගන්නා බවත්, රූපලාවන්‍යාගාරවල රැකියා දෙන බවත් පවසමින් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන පසුව ඔවුන්ට තර්ජනය කරමින් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ මහනුවර ඒකකය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ මීටර කියවන්‍නකු ලෙස කටයුතු කළ 26 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු හඟුරන්කෙත පදිංචිකරුවෙකි.

ආර්ථික අර්බුදය කාලයේ රූපලාවන්‍යාගාරයක සේවය කිරීමට හැකියාව ඇති බවත්, රූමත් නම් ගුවන් සේවිකා රැකියා ඇබෑර්තු ඇති බවත් කියමින් තරුණයන් රවටා ඇති ඔහු තමන්ට දෙමාපියන්ගෙන් සහ පෙම්වතුන්ගෙන් විමසන්නේ නැතිව කෙලින් තීරණ ගත හැකිනම් පමණක් අමතන්න යැයි එම facebook ගිනුමේ දැන්වීම් පළකර තිබේ.

ඔහු කාන්තාවක් ලෙස පෙනී සිටිමින් මෙය සිදුකර තිබේ. වට්ස් ඇප් මගින් කෙටි පණිවිඩ ඔස්සේ තොරතුරු විමසන ඔහු තම ප්‍රධානියාට තොරුතුරු ලබාදෙන බව පවසන්නේ කාන්තාවක ලෙස පෙනී සිටිමිනි. පසුව ඔහුම එම තරුණියන්ට ඇමතුම් ගනී. ඉන් පසු අයදුම් පත්‍රයක් ද ගෙන්වාගෙන පුද්ගලික තොරුතුරු විමසා රැකියාවට සුදුසු යැයි පැවසීමෙන් අනතුරුව විවිධ ඉරියව්වලින් අඩ නිරුවත් සහ නිරුවත් ඡායාරූප ගෙන්වා ගැනීම ද සිදුකර තිබේ. ඉන් පසු මෙම තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් ලිංගික අල්ලස් ලබාගැනීම සහ මුදල් ලබාගැනීම සිදුකරන බව ද අනාවරණය වී ඇත.

පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය පවසන්නේ මේ අපාරධය සිදුකළ ඇත්තේ එකම ආකාරයකට බවයි.

ඔහුගේ රැවටීමට හසු වූ මාතලේ සහ මහනුවර පදිංචි තරුණියන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාස 03කට පමණ පෙර කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ වසරක පමණ කාලයක සිට ඔහු මෙලෙස කාන්තාවන් සම්බන්ධ කරගෙන ඇති බවයි.

වෙනත් පුද්ගලයන්ගේ හැඳුනුම්පත් භාවිතා කරමින් ජංගම දුරකථන සිම්පත් ලබාගෙන ඒවා යොදාගෙන ඔහු මෙලෙස තරුණියන් රවටා ඇත. ඔහුට හසු වූ කාන්තාවන් රැසක් සිටිය ද ඒ පිළිබඳ පැමිණිලි කර ඇත්තේ කාන්තාවන් දෙදෙනකු පමණි.

සැකකරු සන්තකයේ තිබී මෙම අපරාධ සඳහා යොදාගත් බවට සැකපිට ජංගම දුරකථන 04ක් සහ දුරකථන සම්බන්ධතා 13ක් ද සොයාගෙන ඇත.

පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කී රන්දෙණියගේ මෙහෙයවීමෙන් මහනුවර ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චතුරි දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම විමර්ශන කටයුතු සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!