spot_img
spot_imgspot_img

තෑගි ගැනීමට ගොස් අමාරුවේ වැටෙන්න එපා. ඔබ අනාරක්ෂිත වෙයි

පුවත්

විදෙස්

උත්සව කාලයේ දී විවිධ ආකාරයේ ත්‍යාග ලබාදෙන බව පවසමින්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හවුමාරුවන කිසිදු පණිවිඩයකට ඇතුළු නොවන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඉල්ලා සිටියි.

දුරකථන සමාගම්වලින් නොමිලේ ඩේටා ලබාදෙන බවත්, ඇතැම් අවස්ථාවල දී දිනුම් ඇදීම් ලබාදෙන බව සහ විවිධ ත්‍යාග ලබාදෙන බවත් පවසමින් facebook, WhatsApp, Viber, Twitter වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද දුරකථනයට ලැබෙන කෙටි පණිවිඩ මගින් ද විවිධ ප්‍රචාරයන් සිදුවෙයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් නිවේදනයක්  නිකුත් කරමින් දැනුම් දෙන්නේ මේ සියල්ල ව්‍යාජ පණිවිඩ බවයි. එමගින් ඔබගේ පුද්ගලික දත්ත සොරගෙන සයිබර් ප්‍රහාර එල්ලකරන බවත් ඇතැම් පුද්ගලයන් දත්ත එක්රැස් කරන බවත් ඔහු පෙන්වා දෙයි. එමගින් සමාජජ මාධ්‍ය ගිනුම්වල රහස් පද ලබාගන්නා බව ද අසභ්‍ය සහ නුසුදුසු වීඩියෝ, ඡායාරූප සහ වෙබ් අඩවි මේ මගින් ඔබගේ ගිනුම්වෙත ඇතුළුකරන බව ද එම සංගමය පෙන්වා දෙයි. එමෙන්ම ජංගම දුරකථනයට හෝ පරිගණකයට අනිෂ්ඨ මෘදුකාංග ඇතුළුවීමේ ඉඩක් ඇති බව ද පවසයි.

එබැවින් මෙවැනි ව්‍යාජ පණිවිඩ වෙත ප්‍රවේශ නොවන ලෙස එම සංගමය අනතුරු අඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!