spot_img
spot_imgspot_img

ශිෂ්‍යත්ව විභාගයට උත්තර ලියද්දී ප්‍රශ්න පත්‍ර මාරු කිරීමේ සිද්ධියක් වාර්තා වෙයි

පුවත්

විදෙස්

ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ  සිසුන් පිරිසකගේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අනුක්‍රමික අංක මාරු වී ඇතැයි පවසමින් පිළිතුරු ලිවීම ආරම්භ කර පැය භාගයකට පමණ පසු එම ප්‍රශ්න පත්‍ර මාරුකිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

එම ගැටලුවට මුහුණ දී ඇත්තේ සිසුන් 11 දෙනෙකි.

ශාලාවේ විභාග අධීක්ෂණයට යොමුකර සිටි ගුරුවරියට එම වැරදීම සිදුවී ඇති බවත්, පසුව එය නිවැරදි කිරීම සඳහා සිසුන් අතර ප්‍රශ්න පත්‍ර මාරු කිරීමෙන් බරපතල ගැටලුවක් ඇති වූ බවත් දෙමාපියෝ චෝදනා කරති. එම ගැටලුවට මුහුණ දුන් සිසුන් පිරිස විභාගය අවසන් වී සවස 5.00 පමණ වනතුරු විද්‍යාලයේ රඳවාගත් බව ද ඔවුහු කියති.

මෙම සිද්ධියට මුහුණ දුන් එක් සිසුවකු පැවසුවේ තමන් විභාගයට පිළිතුරු ලිවීම ආරම්භ කර විනාඩි 30කට පමණ පසු තම ප්‍රශ්න පත්‍රය රැගෙන වෙනත් අයකුගේ ප්‍රශ්න පත්‍රයක් තමන්ට දුන් බවයි. ඔහු පවසන්නේ තමන්ට පසුව ලැබුණු ප්‍රශ්න පත්‍රයේ කලින් ළමයා විසින් පිළිතුරු 18ක් ලියා තිබුණු බවයි. ඒ පිළිතුරු නිවැරදි දැයි බලා නැවත ලිවීමට සිදු වූ බව ද ඔහු කියයි.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකර දෙන ලෙස දෙමාපියෝ ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!