spot_img
spot_imgspot_img

විදුලිය ගිනි ගණන් වෙයි. නව සංශෝධන යෝජනාව මෙන්න

පුවත්

විදෙස්

විදුලි බිල ජනවාරි 01 වැනි දා සිට වැඩි කිරීමේ යෝජනාවක් විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතියකින් තොරව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් එම විදුලි ගාස්තු සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ.

ඒ අනුව මාසයකට විදුලිය ඒකක 30කට අඩුවෙන් භාවිතා කරන සෑම ඒකකයකට ම අයකරන මුදල රුපියල් 8.00 සිට රුපියල් 50.00 දක්වා වැඩි වීමට නියමිතය. ඒකක 31-60ත් අතර ඒකකයක් රුපියල් 50.00 සිට 55.00 දක්වා වැඩිවන අතර ඒකක 61-90 දක්වා ඒකකයක් රුපියල් 16.00 සිට 60.00 දක්වාත් 91-120 දක්වා ඒකකයක් රුපියල් 50.00 සිට 65.00 දක්වාත් වැඩි කිරීමට යෝජනා කර තිබේ.

මේ අතර විදුලි බිල සඳහා ස්ථාවර ගාස්තුවක් ලෙස රුපියල් 1500.00ක් අය කිරීමටත්, ආගමික ස්ථාන සඳහා ඒකකයකට අයකරනු ලබන රුපියල් 40.00ක මුදල රුපියල් 50.00 දක්වා ඉහළ දැමීමටත් නියමිතය.

විදුලි බිල වැඩිකිරීමෙන් රජයට අමතර රුපියල් බිලියන 800ක පමණ වාර්ෂික ආදායමක් ලබාගැනීමට අපේක්ෂිතය.

විදුලිබල මණ්ඩලය පවසන්නේ මාසිකව ඒකක 180ට වඩා අඩුවෙන් විදුලිය භාවිතා කරන පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 55ක් බවයි.

2023 ජනවාරි මාසයේ දී මෙම නව ගාස්තු සංශෝධනය සිදුකර ඉන් අනතුරුව ජුනි මාසයේ දී නැවත ගාස්තු සංශෝධනයක් කිරීමට ද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!