spot_img
spot_imgspot_img

“පුංචි ඡන්දය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් ඕනෑ” – මැතිවරණ කොමිසම

පුවත්

විදෙස්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ගැසට් පත්‍රය නිකුත් කළ වහාම මැතිවරණ වියදම් වශයෙන් රුපියල් බිලියන 10ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මැතිවරණය පැවැත්වීම පිළිබඳ ගැසට් පත්‍රය දෙසැම්බර් මස අවසානයේ දී ප්‍රකාශයට පත්කිරීමට ද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීම සඳහා කොමිෂන් සභාව අඟහරුවාදා 20 රැස්වන බව ද වාර්තා වේ.

එම ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් දින 14කට පසු දින 03ක් ඇතුළත නාම යෝජනා පත්‍ර බාරගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසයි. ඒ අනුව 2023 පෙබරවාරි අවසානයේ හෝ මාර්තු මාසයේ මුල් දින කිහිපයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත ය.

නීතිඥ නිමල් පුංචිහේවා පවසන්නේ ඊට පෙර රුපියල් බිලියන 10ක මුදලක් මැතිවරණ වියදම් වශයෙන් අවශ්‍ය බවයි. මැතිවරණය පැවැත්වීමේ පොදු ක්‍රමවේදයට අනුව දැනටමත් එහි මූලික කටයුතු ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!