spot_img
spot_imgspot_img

රන් වැටලීම කළේ ඉන්දියාවෙන් ලැබුණු ඔත්තුවක් අනුව. ගුවන් යානයත් මාරු කර සැඟවෙන්න උත්සාහ කරලා

පුවත්

විදෙස්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ඊයේ (09) අත්අඩංගුවට ගත් රත්තරන් තො‍ගය මෙරට දී අල්ලාගන්නා ලද දෙවැනි විශාලතම රත්තරන් තොගය බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම රන් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර එහි රුපියල් කෝටි 40ක් වටිනා කැරට් 24 රත්තරන් කිලෝ ග්‍රෑම් 22ක් සමඟ ශ්‍රී ලාංකිකයන් 05 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

රේගු අධිකාරී නුවන් අබේනායක පවසන්නේ ඉන්දියාබේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකළ බවයි.

රත්තරන් ජෙල් ලෙස සකස් කර යට ඇදුම් තුළ අලේප කර ගනිමින් සහ කැරට් 24 රත්තරන්වලින් නිපදවන ලද වැඩ නිම නොකළ රන් මාල, මුදු, වළලු පැළඳ ගනිමින් මේ ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණි බවයි. ඔවුන්ගේ උත්සාහය වී තිබුණේ පැළඳ සිටින රන් භාණ්ඩ රැගෙන කටුනායක ගුවන්තොටුපොළින් පිටවීම බව ද අනාවරණය වී තිබේ.

මෙම වැටලීම සිදුකළ අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළට පැමිණි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ රන් ජාවාරම්කරුවන් මාස්පතා ඩොලර් ලක්ෂ ගණනක් වංචා කරමින් රට තුළට රත්තරන් ගෙන එන බවයි. මෙම රන් ජාවාරම මර්ධනය කිරීම සඳහා ඉතාමත් ඉක්මණින් අවශ්‍ය නීති සම්පාදනය කරන බව ද ඔහු කීවේය. එහි දී වසර ගණනක් පිටරට සේවය කර පැමිණෙන අහිංසක ජනතාවට අසාධාරණයක් නොවන පරිදි ඒවා සංශෝධනය කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඊයේ (09) අලුයම 4.10 ට පැමිණි ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සේවයේ යූඑල්126 යානයෙන් පැමිණි පිරිසක් විසින් රැගෙන විත් තිබිණි. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මීට පෙර පැමිණි ගුවන් යානයකින් බවට තොරතුරු ලැබී තිබිණි. නමුත් අවසාන මොහොතේ ඔවුන් සිය යානය වෙනස් කර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් තෝරාගෙන ඇත. එය රේගු නිලධාරීන් මඟහැරීම සඳහා ගත් උපායක් බව රේගු නිලධාරීන්ම පසසයි.

ඔවුන් පැමිණෙද්දී පැළඳගෙන ආ රන් භාණ්ඩවලට අමතරව පිරිමි යට ඇඳුම් 30ක් තුළ අලේප කරමින් සහ ආහාර පිළියෙළ කරන උපකරණයක් තුළ සඟවාගෙන රත්තරන් රැගෙන විත් තිබිණි.

සැකකරුවන් 05 දෙනා සහ රත්තරන් තොගය රේගු බාරයේ තබාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව ද රේගු අධිකාරීවරයා කීවේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!