spot_img
spot_imgspot_img

“අපට වැරදුණේ කොතනද ?” රනිල් එදා ඇසූ දේ ම, අදත් අසයි

පුවත්

විදෙස්

සුනිල් අභයවර්ධන විසිනි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ අයවැය කතාව කරද්දී ඔහුට ඇතිවිය හැකි වැදගත්ම ප්‍රශ්නය “අපිට වැරදුනේ කොතනද?”

1989 කර්මාන්ත ඇමැතිවරයාව සිටියදී වික්‍රමසිංහ මහතා එම ප්‍රශ්නයම ඇසුවා. එයට පිළිතුර එදා මෙන් ම ස්වයංසිද්ධ වුවත්, තවමත් තත්ත්වය නිවැරදි කිරීමට වැඩි යමක් කර නැහැ. පාඩම් කිසිවක් ඉගෙන ගෙන නැති අතර එකම වැරදි නැවත නැවතත් සිදු වෙනවා. සරල සත්‍යය නම්, ජනාධිපති වික්‍රමසිංහට මේ ප්‍රශ්නය අධ්‍යයනය කිරීමට වසර 30කට වැඩි කාලයක් ගත වී ඇතත්, ඔහු ඊට හේතුව නිවැරදිව හඳුනාගෙන නොමැති වීමයි. මෙහිදී, මගේ ලිපිය මගින්, අප සිටින අවුලට දායක වී ඇති තරමට අනුප්‍රාප්තික රජය විසින් නොසලකා හරින ලද ක්‍රියාවලීන් හතරක් විමර්ශනය කරනවා. රාජ්‍ය මැදිහත්වීම, කාර්මීකරණය, සංවර්ධන බැංකුකරණය සහ ජාතික සැලසුම්.

රටේ ප්‍රධාන ගැටලුව සෘණ ගෙවුම් ශේෂයක් නම්, අයවැයෙන් සාධනීය විසඳුමක් සකස් කිරීම අවශ්‍යයි.  අයවැයේ අවධානය යොමු වී ඇත්තේ “අපනයනය ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක්” කෙරෙහි වුවද, ඉහත කරුණ සාක්ෂාත් කර ගත යුතු ආකාරය පිළිබඳ වැඩිදුර සඳහනක් නැහැ.

“තරඟකාරී” යන්න මෙහි භාවිතා වන්නේ කර්මාන්තයේ රාජ්‍ය මැදිහත්වීම ඉවත් කිරීමේ සන්දර්භය තුළ යි. ජනාධිපතිවරයා අලුත් චින්තනයක් ඉල්ලා සිටියත් අතීතයේ පැවති මතවාදී නැඹුරුව එහි මුහුණුවර පෙන්නුම් කරන්නේ මෙතැනදීය. නව ලිබරල් චින්තකයෝ රාජ්‍ය මැදිහත්වීමට විරුද්ධ වෙනවා. වෙලඳපොළවල් අසාර්ථක වන බව නැවත නැවතත් ඔප්පු කර ඇතත් ඔවුන් වෙළඳපොළේ මායාව විශ්වාස කරයි. රාජ්ය මැදිහත්වීම සම්බන්ධයෙන් අපගේම අත්දැකීම් ඉස්මතු කිරීම සිත්ගන්නා කරුණක්.

පසුගිය දශක හතරක කාලය තුළ දේශීය කර්මාන්තයේ එකම සාර්ථක උදාහරණය වනුයේ ඇඟලුම් ක්ෂේත්‍රය වන අතර, ජාත්‍යන්තර වශයෙන් “Multi Fiber Agreement” සහ දේශීය වශයෙන් “ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය”, යන ක්ෂේත්‍ර දෙකක මැදිහත්වීම් හරහා එහි දියුණුව ඇති වුණා.  

දේශීය ආනයන ආදේශන කර්මාන්තවලට තරඟකාරී වීමට සහාය නොදී ලිබරල් කිරීම එදා සිදු වූ ප්‍රධාන වරදක්. ජනාධිපතිවරයා නිරීක්ෂණය කර ඇති පරිදි වසර හතක් (1970-1977) ප්‍රාග්ධන සාගින්නෙන් පෙළුණු කර්මාන්ත, ආනයන සමඟ තරඟ කිරීම, එක රැයකින් කළ යුතු වුණා.

ඇත්ත වශයෙන්ම, මැදිහත් වීම, එය අවශ්‍ය තැනදී භාවිතා කිරීම, ආර්ථිකයට වාසිදායක වන බව යමෙකු දැන සිටිය යුතුයි. යමෙකුට අවශ්‍ය නම් ඉහළ ක්‍රියාකාරී ආසියානු ආර්ථිකයන්ගෙන් (HPAEs) බොහෝ උදාහරණ ලබා ගත හැකියි. මැදිහත්වීම රාජ්‍ය සතු ව්‍යවසායන් පිහිටුවීම ලෙස බොහෝ දෙනා වරදවා වටහා ගන්නවා. නමුත් මෙය මැදිහත්වීමේ තර්කය නොවේ. වෙළඳපොළ බලවේග නොපවතින සෑම අවස්ථාවකදීම ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය නිර්මාණය කිරීම මැදිහත්වීමකට ඇතුළත් වෙනවා. පෞද්ගලික අංශය එම කාර්ය භාරය භාර නොගන්නේ නම් හෝ ඔවුන්ට උපාය මාර්ගික වැදගත්කමක් ඇත්නම් පමණක් SOEs පිහිටුවිය යුතුයි.

වඩාත් කනස්සල්ලට කරුණ නම්, වත්මන් අයවැයෙන් මුදල් වෙන් කිරීමේ දී කාර්මික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමක් පෙන්නුම් නොකිරීමයි. ආරක්ෂක වියදම් ඉහළ නංවා ඇති අතර අධ්‍යාපනය කප්පාදුවලට මුහුණ දී තිබෙනවා. නව කර්මාන්ත කලාප යෝජනා කර ඇති අතර, දැනටමත් පිහිටුවා ඇති සමහරක් වසා දමලා. මෙය තවත් ගැටළුවක් සමඟ සම්බන්ධ වෛනවා. දේශීය ණය සඳහා වන පොළී ගෙවීම් රාජ්‍ය ආයෝජන මෙන් දෙගුණයක් පමණ වෙනවා. එහෙත් අයවැය රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් එහි ප්‍රවේශය තුළ අපේක්ෂා කිරීමට බොහෝ දේ ඉතිරි කරයි.

ඒ සම්බන්ධයෙන් ගත් කළ, අයවැයේ තවත් ප්‍රධාන අඩුපාඩුවක් නම්, එය සංවර්ධනය සඳහා අරමුදල් වෙළඳපොළ බලවේගවලට පැවරීමයි. කැනඩාව වැනි රටවල් මෙවැනි උපාය මාර්ග භාවිත කළද සංවර්ධන ක්‍රියාවලිය සඳහා සංවර්ධන බැංකුකරණයේ අදාළත්වය පැත්තකට වී නොසලකා හැරීම පුදුමයක් නොවෙයි.

සංවර්ධන බැංකුකරණය සම්බන්ධයෙන් නිදහස් වෙලඳපොලවල් වෙනුවෙන් පෙනී සිටින්නන්ට ඇති ගැටලුව වන්නේ සහනදායී පොළී අනුපාත වන අතර එය මැදිහත්වීමක් ලෙස සලකනු ලබන අතර එය සෘජුවම “වොෂින්ටන් සම්මුතියට” පටහැනියි. කෙසේ වෙතත්, යමෙකු මතවාදය අතහැර සරල සාමාන්‍ය බුද්ධිය අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි.

තවත් හිඩැසක් වන්නේ, සමහර විට තවමත් වඩාත්ම කනස්සල්ලට කරුණක් නම්, සංවර්ධන සැලැස්මක් නොමැතිකමයි. සෑම දෙයක් ම වෙළඳපොළට භාර දිය යුතු යැයි සිතන නව ලිබරල්වාදීන්ට සැලසුම් කිරීම පිළිකුලක් බව අපි දන්නා කරුණකි. වෙළඳපල අසාර්ථකත්වයේ ප්‍රතිවිපාක අපි මුලින්ම දුටුවා. සංවර්ධන සැලැස්මක් ඇති විට, ආර්ථික ඉලක්ක සපුරා ගන්නේ කොතැනද සහ එය ඉටු නොවන තැන්, සටහන් කළ හැකි අතර, අවශ්‍ය ස්ථානවල නිවැරදි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට හැකි වනවා. සියලුම ඉහළ ක්‍රියාකාරී ආසියානු ආර්ථිකයන් (HPAEs), සැලැස්මක් මත වර්ධනය වුණා. සිංගප්පූරුව පවා සංවර්ධනයේ මුල් අවදියේ පැවතියා.  

සංවර්ධන සැලැස්මක් ජාතික සැලැස්මක පදනම විය හැකියි. කවුරු බලයට ආවත් එහි යෝජනා කර නිර්දේශ කරන ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු ආකාරයට එය සකස් කළ හැකියි. දේශීය කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයින් පමණක් නොව විදේශීය ආයෝජකයින් ද සම්බන්ධ කර ගත හැකි වන පරිදි එවැනි සැලැස්මක් සියලු දෙනා දැනගත යුතුය. දැනට අප දකින තාවකාලික වෙනස්කම් සංස්කෘතියට පටහැනිව, රට ගමන් කරන්නේ කොතැනටද යන්න පිළිබඳ පරිපූර්ණ දැක්මක් සැපයිය හැකි අතර සියල්ලන්ටම කාරණා පහසු කරවයි.

කෙසේ වෙතත්, එක් දෙයක් පැහැදිලියි. සංවර්ධනය සඳහා අරමුදල් සැපයීමට සතුටුදායක ක්‍රමවේදයක් නොමැති නම්, අවශ්‍ය පරිමාණයේ නව කර්මාන්තයක් ඇති නොවනු ඇත, එබැවින් පවතින කර්මාන්ත වර්තමාන මට්ටමෙන් ඔබ්බට ව්‍යාප්ත නොවීම හෝ පහළට වැටීමේ හැකියාවක් පැන නගී.

කෙසේවුවද අයවැය හදන්නේ උපකල්පන මත බවත් මේ අයවැයත් ඊට වෙනස් නොවන බවත් පිළිගත යුතුයි. නමුත් දැන් රට පත්ව ඇති තත්ත්වය අනුව එම උපකල්පන සත්‍යයට සමීප විය යුතුයි. ඉදිරි වසර හතර තුළ IMF අරමුදල් බෙදා හැරීමේ හැකියාව සහ IMF ගනුදෙනුවෙන් පසුව ගලා එන අතිරේක ද්විපාර්ශ්වික අරමුදල් අයවැය සංඛ්‍යාලේඛනවල ප්‍රකාශිත පරිදි බලාපොරොත්තු විය හැකියැයි උපකල්පනය කර තිබෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි වත්කම් විකිණීම විදේශ සංචිත වැඩිදියුණු කිරීමට පුරෝකථනය කරලා. මෙය සිදු විය හැකිය හෝ නොවිය හැකියි. එසේ නොවුණහොත් අපේක්ෂිත ආදායමේ හිඟයක් ඇති වීම නොවැළැක්විය හැකි දෙයක්.

අප දැන් කල්පනා කළ යුතු ලොකුම දෙය වන්නේ අප සියල්ලන්ම කම්පනයට පත් කරන දෙයක්. ණය ආපසු ගෙවීම ආරම්භ වූ පසු කුමක් සිදුවේද ? ණය වසර දෙකක් පමණ කල් දැමිය හැකි වුවද, මෙම වගකීම් ඉටු කිරීමට අප සූදානම් විය යුතු සහන කාලය එය වනු ඇත. නුදුරු අනාගතයේ දී අපට මුහුණ දීමට සිදු වන තත්ත්වයට මුහුණ දීමට අප නිවැරදි උත්සාහයක් දරනවාද?

ශ්‍රී ලංකා මහ බැංකුව වසර ගණනාවක් පුරා එහි කාර්යභාරය නිසි ලෙස ඉටු නොකිරීම කණගාටුවට කරුණක් වන අතර, අනුප්‍රාප්තික පාලන තන්ත්‍රයන් විනාශකාරී ප්‍රතිපත්ති සහ භාවිතයන්වල නිරත වන අතරවාරයේ, ඔවුන් දෙස බලා සිටීමෙන් සෑහීමකට පත්වේ. ඇත්ත වශයෙන්ම, සමහර අවස්ථාවලදී මහ බැංකුව එවැනි ප්‍රතිපත්ති අනුගමනය කිරීමට දිරිමත් කර ඇත.

අයවැයට සාපේක්ෂව අපට එකඟ විය යුතු බරපතළ යථාර්ථය නම් නිදහස් වෙළෙඳපොළ තුළින් පමණක් ලෝකයේ කිසිම රටක් දියුණු වී නොමැති බවයි. අද සංවර්ධිත ආර්ථිකයන් පවා ඔවුන්ගේ සංවර්ධනයේ මුල් අවධියේදී දැඩි මැදිහත්වීමක් සිදු කර තිබෙනවා. මහාචාර්ය Ha-Joon Chang ඔහුගේ “ඉණිමඟට පයින් ගැසීම” පොතේ තර්ක කරන පරිදි, මෙම රටවල් අන් අය ඔවුන්ව අනුකරණය කරනවාට අකමැති විය හැකියි. HPAEs ඔවුන්ගේ වර්ධනයේ දී මඟ පෙන්වූ දර්ශනය සාමාන්‍ය බුද්ධිය මිස විශේෂිත දෘෂ්ටිවාදයක් නොවේ. ඒ සාමාන්‍ය බුද්ධිය වැඩි නම් සහ තමන්ට ඇති සාමාන්‍ය බුද්ධිය අඩුවෙන් භාවිතා කරන්නේ නම් ශ්‍රී ලංකාව හොඳ වනු ඇත. මේ සඳහා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ 1950 මහ බැංකුව විවෘත කිරීමේ උත්සවයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා සිය කතාවේදී කී දේ ඉතා මැනවින් නැවත ඇසීම අත්‍යාවශ්‍යයි. රට දියුණු වීමට නම්, එය සංවර්ධනය සඳහා “වෙනත් හැකියාවන්” දෙස බැලිය යුතුය”

සුනිල් අභයවර්ධන ශ්‍රී ලංකාවේ විශාලත ම ඉදිකිරීම් සමාගමක් වන CDE හි ප්‍රධාන විධායක නිලධාරියාය. රටේ ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් සම්පූර්ණ කළ හෙතෙම අද සමාජ ක්‍රියාකාරිකයෙක් සහ ශිෂ‍්‍යයෙකි. සාර්ව ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් වේල්ස් විහ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ඔහු මේ දිනවල තම ආචාර්ය උපාධිය සඳහා අවශ්‍ය කටයුතුවල නිරත වෙමින් සිටියි.

[email protected]

factum යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!