spot_img
spot_imgspot_img

නොරොච්චෝලේ චීනයට, ලක්ෂපාන කොරියාවට පැවරීමේ සූදානමක්

පුවත්

විදෙස්

නොරොච්චෝලේ බලාගාරය චීන සමාගමකට සහ ලක්ෂපාන ජල විදුලිි බලාගාරය කොරියානු සමාගමකටත් පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

දැනට නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා විශාල ණය මුදලක් ඉතිරිව තිබීම සහ විදුලි ඒකක මිල ඉහළ දැමීමට සිදුවීම හන කරුණු හේතුවෙන් එය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී මිල තීරණය කිරීම අපහසු වී තිබේ.  දැනට විදුලි ඒකකයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයට රජයෙන් ගෙවනු ලබන්නේ රුපියල් 18.00ත් 20.00ත් අතර මුදලක් වුව ද එය රුපියල් 50.00ක් පමණ දක්වා ඉහළ දැමීමට සිදුව තිබේ.

රජයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ එම ගැටලු නිසා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය චීනයට ම පැවරීම වඩාත් සුදුසු යැයි සාකච්ඡාවල දී තීරණයක් ගෙන ඇති බවයි.

මීට අමතරව ලක්ෂපාන විදුලි බලාගාරය සම්බන්ධයෙන් කොරියානු සමාගමක් සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව ද වාර්තා‍ වේ.

කෙසේ වෙතත් බලාගාර කොටස් මිල දී ගැනීමට අපේක්ෂා කරන සමාගම් විදුලි බිල් වැඩිකරන්න යැයි රජයෙන් ඉල්ලා ඇති බව ද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!