spot_img
spot_imgspot_img

ක්‍රිකට් ජර්සියට ඔට්ටු සමාගමක් රිංගුවේ කෙසේ ද ? ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පරීක්ෂණ

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩයාමේ ඇඳුම්වල ඔට්ටු ඇල්ලීමේ නියෝජිතකුගේ ලාංඡනය මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අමල් හර්ෂ ද ‍සිල්වා පවසයි.

ඉන්දියාවේ ඔට්ටු ඇල්ලීමේ නියෝජිතයකු වන Fairplay හි අනුබද්ධ ආයතනයක් වූ Fairplay News ලාංඡනය ක්‍රීඩා ජර්සියේ මුද්‍රණය කර තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට ලිඛිතව කරන ලද දැනුම්දීමක් අනුව මේ පිළිබඳ සොයා බැලීම ආරම්භ කළ බවයි.

“ඔට්ටු ඇල්ලීමේ සමාගමක් එල්පීඑල් තරඟාවලියට සම්බන්ධව සිටින බවට චෝදනා රැසක් තියෙනවා. මෙවැනි ගිවිසුමක් ආවම ඒ බව ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දිය යුතුයි. නමුත් එය සිදුවෙලලා නෑ. අපි මේ ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. අපි මෙතෙක් ඔවුන්ගෙන් පැහැදිළිකිරීමක් ඉල්ලා නෑ. ක්‍රීඩා උපදේශක සභාවේ සභාපිතවරයා අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති නිසා සමස්ත කාරණය සම්බන්ධයෙන් ම පරික්ෂණයක් කරනවා.”

ජර්සියේ එම ලාංඡනය දක්නට ලැබීම සම්න්ධයෙන් අවසන් තීරණයක් ගන්නා තුරු තරඟවලට එය බාධාවක් නොවන බවත් ඉදිරි තරඟ සැළසුම් කළ පරිදි පවත්වන බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!