spot_img
spot_imgspot_img

දරු දෙදෙනා සමඟ කාන්තාවක් සිරකරගෙන සිටි සැරයන් සහ බිරිඳ අත්අඩංගුවට

පුවත්

විදෙස්

කාන්තාවක් සහ ඇගේ දරු දෙදෙනා බලහත්කාරයෙන් සිරකරගෙන සිටි පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ බිරිඳ අද (18) අලුයම අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙලෙස සිරකරගෙන සිටියේ වයස අවුරුදු 42ක කාන්තාවක් සහ වයස අවුරුදු 07ක සහ 04ක දරුවන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැරයන්වරයාගේ බිරිඳ පුද්ගලයන් විදේශගත කරන බව පවසමින් මතුගම හා ඒ අවට පුද්ගලයන් 35 දෙනකුගෙන් මුදල් එකතුකරගෙන ඇතැයි වාර්තා වේ. එම මුදල රුපියල් ලක්ෂ 70ක් පමණ බවත් එකතුකරගත් මුදල් නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයකුට ලබා දී ඇති බවත් අනාවරණය වී ඇත. එම පුද්ගලයා මුදල් ලබාගැනීමෙන් පසු මඟහැර යාම හේතුවෙන් සැරයන් වරයා ගොස් පසුගිය 04 වැනි දා ඔහු පැහැරගෙන විත් මතුගම නවුත්තුඩුව ප්‍රදේශයේ නිවසක සිරකරගෙන සිට ඇත.

තමන් මුදාහරින්නේ නම් යළි මුදල් ලබා දිය හැකි බවත් ඔහු පවසා ඇති බැවින් ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා මතුගමට ගෙන්වාගෙන කටුගහහේන ප්‍රදේශයේ නිවසක ඔවුන් තිදෙනා සිරකර මුදල් ගත් පුද්ගලයා මුදාහැර ඇත.

සැරයන්වරයා සහ ඔහුගේ බිරිඳ විසින් සිරකරගෙන සිටි දරුවන් දෙදෙනා කළුතර රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් දෙදෙනා අද (18) අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!