spot_img
spot_imgspot_img

twitter සමාගමේ සියලු කාර්යාල තාවකාලිකව වසා දමයි

පුවත්

විදෙස්

twitter සමාගෙම් සියලු කාර්යාල සහ ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බවත් ඒවා යළි විවෘත කරන්නේ ලබන සඳුදා (21) බවත් සේවකයන්ට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුවත්පත් ඇතුළු විවිධ මාධ්‍යවල හෝ වෙනත් ස්ථානවල සමාගමේ රහස් තොරතුරු සාකච්ඡා කිරීමෙන් වළකින ලෙස ද සේවකයන්ගෙන් එහි පාලන අධිකාරිය ඉල්ලීමක් කර ඇත.

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස පිළිගැනෙන ඉලොන් මස්ක් විසින් twitter සමාගම මිල දී ගැනීමෙන් පසු එහි වෙනස්කම් රාශියක් සිදුකිරීමට ඔහු මුල පුරා ඇති බව පැවසේ.

මේ අතර ඔහු සේවකයන්ට යැවූ ඊමේල් පණිවිඩයක දක්වා ඇත්තේ “දිනකට වැඩි වේලාවක් දැඩි කැපවීමෙන් යුතු ව වැඩ කළ යුතුයි. නැතිනම් සමාගමෙන් ඉවත්ව යා යුතුයි” යනුවෙන් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තවදුරටත් twitter සමාගමේ රැඳී සිටීමට කැමති සේවකයන් ඒ සම්බන්ධ ප්‍රතිඥාවක් දීමට අවශ්‍ය බවද ප්‍රතිඥාවක් ලබා නොදෙන සේවකයන්ට මාස තුනක‍ වැටුප් රැගෙන ඉවත්ව යාමට සිදුවනු ඇතැයි ද පැවසේ. “සාර්ථක වීම සඳහා අපි දැඩි ලෙස කැපවිය යුතුයි” යනුවෙන් ඉලොන් මස්ක් පවසා ඇත.     

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!