spot_img
spot_imgspot_img

මතට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කරන්න නොහැකිවීමෙන් ගැටලු රැසක්

පුවත්

විදෙස්

විවිධ ආකාරයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ප්‍රතිකාර ලැබිය යුතු පුද්ගලන්ට ප්‍රතිකාර ලබාදීමට ප්‍රමාණවත් පහසුකම් නොමැති වීමේ ගැටලුවකට ශ්‍රී ලංකාව මුහුණ පා සිටියි.

මේ බව හෙළිවන්නේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාවකිනි.

එම මණ්ඩලයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයන් 550,000ක් පමණ සිටින නමුත් වර්ෂයකට ප්‍රතිකාර ලබාදීමට හැකියාව ඇත්තේ ඉන් 10,000ක පමණ පිරිසකටය. ඒ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සියල්ලේ ම ප්‍රතිකාර ලබාදීමේ උපරිම ධාරිතාවයි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දත්තවලට අනුව පසුගිය 2021 වර්ෂයේ දී එලෙස ප්‍රතිකාර සඳහා යොමු වූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සංඛ්‍යාව 1,700ක් වැනි ඉතාමත් සුළු පිරිසකි. වෙනත් කිසිවෙකුට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන මට්ටමින් ප්‍රතිකාර ලැබී නැත.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සැළකූ විට  2022 වර්ෂය වනවිට හෙරොයින් භාවිතා කරන්නන් 100,000ක්, අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් 50,000ක්, ගංජාවලට ඇබ්බැහිවූවන් 300,000ක්, මත්පෙතිවලට ඇබ්බැහිවූවන් 100,000ක් පමණ සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!