spot_img
spot_imgspot_img

වඳුරු උණ පැමිණීමේ අවදානම ඉහළ බව සෞඛ්‍ය අංශ පවසයි

පුවත්

විදෙස්

ලෝකය පුරා වඳුරු උණ රෝගය පැතිරෙමින් පවතින බැවින් එම රෝගය ආසාදනය වූ තවත් පුද්ගලයන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මේ බව කියා සිටියේය. ඔහු වැඩිදුරටත් පවසන්නේ රෝග ලක්ෂණ නොමැති රෝගීන් පවා විදෙස් රටවල සිට මෙරටට පැමිණීමේ හැකියාව පවතින බවයි.

‍ශ්‍රී ලංකාවට පැමිණ සිටිය දී හඳුනාගත් රෝගියා මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.

විශේෂඥ වෛද්‍ය පෙරේරා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ඇතැම් අය රටට එන්න පුළුවන් රෝග ලක්ෂණ නැතිව. මුලින්ම වාර්තා වූ රෝගියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවුණේ රෝග ලක්ෂණ ඇති වූ නිසා. බොහෝ රටවල මේ රෝගය තියෙන නිසා අපිටත් අවදානමක් තියෙනවා. සෞඛ්‍ය පිළිබඳ නිලධාරීන්, ප්‍රජා වෛද්‍ය ඒකකයන් සියලුදෙනාම මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම ඉතාමත් අත්‍යාවශ්‍යයි. මොකද ලෝකයේ රෝගය අඩුවුණාට අපේ රටෙන් තව අවුට්බ්රේක් එකකින් තව රෝගීන් වැඩිවීමක් කුමන වේලාවක දී හෝ සිදුවෙන්න පුළුවන්. පුංචි දරුවන් අතර පවා මංකිපොක්ස් රෝගය පැතිර යෑමේ අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක 0.3%ක් වගේ තමා මේ වාර්තා වුණ රෝගීන්ගෙන් අවුරුදු 4ට අඩු දරුවන් වාර්තාවෙලා තියෙන්නේ. දරුවන්ට මේ රෝගය හැදීම සිදුවන්නේ ගෙදර අයට හැදුනොත් තමා. ඔබ ආරක්ෂා වෙලා ඉන්නවා නම් දරුවන්ට මේක බෝවීමේ අවධානමක් නෑ.”

වඳුරු උණ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා එන්නත්කරණයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් දැනට නැතැයි මහජන සෞඛ්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනන්ද් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!