spot_img
spot_imgspot_img

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් 08 වැනි දා. ශ්‍රී ලංකාවට පේන්නේ භාගයයි

පුවත්

විදෙස්

නොවැම්බර් 08 වැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිතය. පෘථිවියට පෙනෙන චන්ද්‍ර පෘෂ්ඨය මතට පොළොවේ ඡායාව සම්පූර්ණයෙන් ම පතිතවීමෙන් මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවුව ද එය ශ්‍රී ලංකාවට පෙනෙන්නේ අර්ධ වශයෙනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විදයා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසන්නේ එම චන්ද්‍රග්‍රහණය ආසියා මහද්වීපයේ කොටසකට, ඕස්ට්‍රේලියාවට, ඇමෙරිකාවට සහ යුරෝපයේ කොටසකට සම්පූර්ණයෙන් ම දිස්වන බවයි.

චන්ද්‍රග්‍රහණය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස 1.32ට වන අතර එහි උපරිමය සවස 4.29ට දක්නට ලැබෙයි. චන්ද්‍රග්‍රහණය අවසන් වන්නේ රාත්‍රී 7.26ට ය.

එදින ශ්‍රී ලංකාවේ නැගෙනහිර දිශාවෙන් සඳ මතුවීම සිදුවීමට නියමිතව ඇත්තේ සවස 5.48 බැවින් ශ්‍රී ලංකාවට දර්ශනය වන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයේ උපරිම අවස්ථාව ද පසුවී බැවින් අවසන් කොටස පමණක් දැකගත හැකිවෙයි. මහාචාර්ය චන්දන ජයරත්න පවසන්නේ මෙම චන්ද්‍රග්‍රහණය 2022 වර්ෂයේ සිදුවූ දෙවැනි චන්ද්‍රග්‍රහණය බවයි. නැවත පූර්ණ චන්ද්‍රගුහණයක් දක්නට ලැබෙන්නේ 2025 මාර්තු 14 වැනි දා ය.

චන්ද්‍රග්‍රහණය සිදුවන ආකාරය

Lunar eclipse vector infographic. The sun, earth and full moon are aligned exactly with the earth in the middle.

පෘථිවියේ උප ග්‍රහයා වන චන්ද්‍රයා පෘථිවිය වටා ගමන් කරමින් සිටිය දී පෘථිවියේ සෙවනැල්ල ඇති ප්‍රදේශයෙන් ගමන් කරන විට චන්ද්‍රග්‍රහණයක් සිදුවේ.

මෙය සිදුවිය හැක්කේ සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා එකිනෙක පෙළ ගැසී චන්ද්‍රයා සූර්යයාට හරියටම විරුද්ධ දෙසින් සිටින විට පමණි. මෙවැන්නක් සිදුවන්නේ පූර්ණ චන්ද්‍ර දිනයක රාත්‍රියේ පමණි.

සාමාන්‍ය දිනවල දී කහ පැහැයෙන් දිස්වන චන්ද්‍රයා චන්ද්‍රගහණයක දී දිස්වන්නේ රතු පැහැයෙනි. එයට හේතුවන්නේ චන්ද්‍රයා මතට සෘජුව හිරු එළිය පතිතවීම පෘථිවිය විසින් වැළැක්වීම හේතුවෙනි. එම අවස්ථාවේ දී පෘථිවි වායුගෝලය හරහා වර්තනය වී ගමන් කරන දුර්වල හිරු එළිය චන්ද්‍ර පෘෂ්ඨය මත පතිතවීම නිසා සඳ රතු පැහැයෙන් දිස්වෙයි.

චන්ද්‍රග්‍රහණයක් පෘථිවයට රාත්‍රිය උදාවී ඇති ඕනෑම ප්‍රදේශයක සිට එම මොහොතේ නැරඹීමට හැකියාව පවතී. පූර්ණ චන්ද්‍රග්‍රහණය පැය 02කට ආසන්න කාලයක් පැවතිය හැකි අතර නමුත් චන්ද්‍රයාගේ සෙවනැල්ල මගින් හිරු මුවා වීමෙන් ඇතිවන සූර්යග්‍රහණය චන්ද්‍රයා කුඩා බැවින් පවතින්නේ විනාඩි කිහිපයක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!