spot_img
spot_imgspot_img

ආණ්ඩුව ජනතා විශ්වාසය වැඩි කරගෙන. ඒත් බහුතරයකට ආණ්ඩුව එපාලු

පුවත්

විදෙස්

වර්තමානයේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳ ජනතා විශ්වාසය ජුනි මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේ දී 07%කින් වර්ධනය වී ඇතත් ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් තබා ඇත්තේ රටේ ජනාතවගෙන් 10%ක පමණ ඉතා සුළු පිරිසක් පමණි.

මේ බව අනාවරණය වන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය “රට හිතන හැටි” යනුවෙන් දීප ව්‍යාප්තව සිදුකරන ලබන ජනමත විමසුම් සමීක්ෂණයක ඔක්තෝබර් මාසයේ ප්‍රතිඵල සටහනකය.

Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප‍්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක‍්‍රමයේ විශේෂත්වයයි. වෙරිටේ රිසර්ච් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1018නෙකුගේ නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.

එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ආණ්ඩුව වර්තමානයේ වැඩ කරන ආකාරය ගැන 10%ක පිරිසක් අනුමත කර ඇත. 2022 ජනවාරි මාසයේ එවකට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත කළ පිරිස ද 10%ක අගයක් ගත්  නමුත් ජුනි මාසය වනවිට එම අගය 03%ක් දක්වා අතිශය පහත අගයකට වැටී තිබිණි.

රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නේ ද යන්න විමසීමේ දී ඔක්තෝබර් මාසයේ කරන ලද ජනමත විමසුමේ දී සෑහීමකට පත්වන්නේ යැයි පවසන පිරිස 7%ක් දක්වා වර්ධනය වී තිබේ. මෙය ජනවාරි මාසයේ දී 6%ක් වූ අතර ජුනි මාසයේ දී එය 2%ක් දක්වා පහත වැටී තිබිණි.  

ආර්ථිකය ගැන විශ්වාසය කර තිබෙන ඇගයුමේ දී, ඔක්තෝබර් මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 77.9ක  (-77.9) ලෙසය (-78ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා ඇත) මෙම ඇගයුම සිදුකිරීමට බහුවර්ණ ප‍්‍රශ්න භාවිතා කර තිබෙන අතර, එම ප‍්‍රශ්නවලට ලැබී තිබෙන ප‍්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත. 0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ.

ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ 100ක් (-100) වේ. රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුමට  2022 ඔක්තෝබර් මාසය වන ලැබී තිබෙණ ප්‍රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.5% ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර, 4.8%ක ප්‍රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය. ඒ අතරවාරයේම තවත් 16.2%ක ප්‍රතිශතයක ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරමෙින් පවතින්නේය යන අදහසින්ය. මෙම සියලු අගයන් එක්ව ගත්විට ආර්ථිකය ගැන තිබෙණ විශ්වාසයට ලැබෙන්නේ සෘණ 77.9ක (-77.9) අගයකි (-78ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා තිබේ). ගෙවුණු ජනවාරියේ මෙම අගය සෘණ 83ක්  (-83) වූ අතර, ජූනි මාසයේ දී, සෘණ 96ක් (-96) විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!