spot_img
spot_imgspot_img

විශ්වවිද්‍යාල ඇදු‍රන් 189 දෙනකු කෝටි 93ක් විනාශ කරලා

පුවත්

විදෙස්

ආචාර්ය උපාධිය හැදෑරීමට බව කියමින් රජයේ මුදල් රුපියල් කෝටි 93ක් පුද්ලයන් 189 දෙනකු විසින් නාස්තිකර දමා ඇතැයි පාර්ලිමේන්තුවේ දී අද අනාවරණය විය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (20) ඒ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ 2010 වර්ෂයේ සිට මේ දක්වා කාලයේ දී විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයේ 2457 දෙනකු ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීමට තෝරාගෙන ඇති බවයි. ඒ අතරින් 189 දෙනකු ආචාර්ය උපාධිය හදාරා නැත.

මේ පිරිසට වෙන්කර ඇති  සම්පූර්ණ මුදල රුපියල් කෝටි 1,100කට අධිකය. 189 දෙනකු නිසි පරිදි ආචාර්ය උපාධිය සම්පූර්ණ නොකිරීම හේතුවෙන් අපතේ ගොස් ඇති මුදල රුපියල් කෝටි 93 කි.

පශ්චාත් උපාධිය හැදෑරීම අතරමඟ නතර කළ විශ්වවිද්යාකල ආචාර්යවරුන්ගේ නාම ලේඛනය ද අධ්‍යාපපන අමාත්‍යවරයා සභාගත කළේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!