spot_img
spot_imgspot_img

ජිනීවා සමුළුවේ දී ශ්‍රී ලංකාව පරාජය අබියස

පුවත්

විදෙස්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට දැනටමත් රටවල් 26ක් සහය ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

“ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන මාතෘකාව යටතේ ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (06) ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිතය.

එහි දී ඕස්ට්‍රේලියාව, ඔස්‍ට්‍රියාව, බෙල්ජියම, ඇල්බේනියාව, කැනඩාව, ඩෙන්මාර්කය, චෙකිනියාව, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, නෙදර්ලන්තය, නවසීලන්තය, ස්ලෝවැකියාව, ස්වීඩනය, තුර්කිය, එක්සත් රාජධානිය, උතුරු අයර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එම යෝජනාවලිය සඳහා අත්සන් තබා ඇත.

එම යෝජනාවලිය මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් බරපතල ලෙස විවේචනයට ලක්කර ඇත.

ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ එක්සත් ජනපදය මේ යෝජනා සකසා ඇතැයි ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයිි.

විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ජිනීවා නුවර මේ වනවිට රැඳී සිටින බව අමාත්‍යාංශය පවසයි.  මෙම යෝජනාවේ දී බොහෝ විට ශ්‍රී ලංකාව පරාජයට පත්වීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත රටවල් සංඛ්‍යාව 47කි. ඉන් 26ක් දැනටමත් යෝජනාවට පක්ෂව සිය මතය ප්‍රකාශ කර ඇති අතර ශ්‍රී ලංකාවට සහය දක්වන හෙවත් යෝජනාවට විරුද්ධව කටයුතු කරන රටවල් සංඛ්‍යාව 10කටත් අඩු බව ජිනීවාහි සිටින ශ්‍රී ලාංකික නියෝජිතයන් නිල නොවන මට්ටමින් මෙරටට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!