spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ සහය ලැබෙයි

පුවත්

විදෙස්

ආර්ථික අර්බුදය ජයගැනීමට ශ්‍රී ලංකාවට සහාය දක්වන බව යුරෝපා සංගමය නිවේදනය කර තිබේ.

යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන්ඩර් ලේන් පවසන්නේ දැඩි අභියෝගයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකර අර්බුදය ජය ගනිමින් රට සෞභාග්‍ය කරා ගෙන යාමටත්, සංහිඳියාවේ මාවතට ප්‍රවේවීමටත් යුරෝප කොමිසම සහයෝගය දෙන බවයි.

අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස සහ සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදයක් මෙන්ම නීතියේ ආධිපත්‍යයට සහ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම අත්‍යවශ්‍යව පවතින බව ද ඇය ශ්‍රී ලංකා රජයට සිය පණිවිඩය මගින් අවධාරණය කර සිටියි.

GSP+ කැපවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඉතා ඉක්මනින් යුරෝපා සංගමය විසින් තක්සේරු කරනු ඇති බවද ඇය සඳහන් කර තිබේ. ඒ සම්බන්ධ වාර්තාව 2022 වර්ෂයේ අග දී හෝ 2023 මුල් මාස කිහිපයේ දී නිකුත් කිරීමට නියමිත බවත් එමගින් සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා කෙටි හා දිගු කාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිත්ති හඳුන්වාදීමට සහ ඒවා මෙහෙයවීමට සහය ලබාදීම යුරෝපා සංගමයේ අපේක්ෂාව බව ද ඇය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!