spot_img
spot_imgspot_img

කෝප්, කෝපා කමිටු නම් කරයි. rata.lk අනාවැකිය නිවැරදියි. චරිත හේරත් නෑ. කෝප් සභාපති ධූරය නිමල් ලංසාට ලැබෙන ලකුණු

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පළිබඳ කාරක සභාවට සහ කෝපා කමිටුව හෙවත් රජයේ ගිණුම් පළිබඳ කාරක සභාව සඳහා නව සාමාජිකයන් පත්කර තිබේ.

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමක දී පාර්ලිමේන්තු කමිටු අහෝසි වී යන අතර ඉන් පසු නැවත නව සැසිවාරයේ දී එම කමිටු සඳහා සාමාජිකයන් පත්කිරිම සිදුවෙයි.

අද (03) උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් කෝප් සහ කෝපා කමිටු සඳහා වූ සාමාජිකයන්ගේ ලේඛනය ප්‍රකාශයට පත්කෙරිණි. ඒ අනුව එක් එක් කමිටුව සඳහා මන්ත්‍රීන් 27 දෙනා බැගින් පත්කර ඇත. මෙතෙක් එහි සභාපතිවරුන් පත්කර නැත.

කෝප් කමිටුවේ පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේ දී සභාපතිත්වය දරන ලද්දේ මහාචාර්ය චරිත හේරත් විසිනි. ඔහුගේ නම අලුතෙන් පත්කරන කෝප් කමිටුවට ඇතුළත් නොවනු ඇතැයි ද එම කමිටුවේ සභාපතිවරයා ලෙස නිමල් ලංසා පත්කිරීමේ සූදානමක් ඇතැයි ද අපි මීට පෙර 2022 අගෝස්තු 19 වැනි දිනයේ දී rata.lk වෙතින් හෙලිදරව් කෙරිණි.

එම ලිපිය මෙතැනින්

මේ වනවිට කෝප් කමිටුවට මහාචාර්ය චරිත හේරත් පත්කර නැතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා පත්කර තිබේ.

කෝපා කමිටු සමාජිකයින් – 

1. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
2. ලසන්ත අලගියවන්න
3. කාදර් මස්තාන්
4. සුරේන් රාඝවන්
5. ඩයනා ගමගේ
6. එස්.බී දිසානායක
7. තිස්ස අත්තනායක
8. කබීර් හෂීම්
9. සරත් වීරසේකර
10. විමලවීර දිසානායක
11. නිරෝෂන් පෙරේරා
12. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
13. ජේ. සී. අලවතුවල
14. අශෝක අබේසිංහ
15. බුද්ධික පතිරණ
16. ජයන්ත සමරවීර
17. හෙක්ටර් අප්පුහාමි
18. හේෂා විතානගේ 
19. මේජර් ප්‍රදීප් උඳුගොඩ
20. ඉසුරු දොඩන්ගොඩ
21. වසන්ත යාපා බණ්ඩාර
22. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
23. එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන
24. ඩී. වීරසිංහ
25. වීරසුමන වීරසිංහ
26. චරිත හේරත්
27.හරිනි අමරසූරිය


කෝප් කමිටු සමාජිකයින් – 
  
1. ජගත් කුමාර
2. ජානක වක්කුඹුර
3. ලොහාන් රත්වත්තේ
4. ඉන්දික අනුරුද්ධ හේරත්
5. ඩී වී චානක
6. ශාන්ත බණ්ඩාර
7. අනුර දිසානායක
8. රවුෆ් හකීම්
9. පාඨලී චම්පික රණවක
10. මහින්දානන්ද අලුත්ගමගේ
11. රෝහිත අබේගුණවර්ධන
12. හර්ෂ ද සිල්වා
13. ඉරාන් වික්‍රමරත්න
14. නිමල් ලාන්සා
15. එස්.එම්.එම් මුෂාරෆ්
16. නලීන් බණ්ඩාර ජයමහ
17. එස්.එම්. මරික්කාර්
18. මුජිබර් රහුමාන්
19. රෝහිණි කුමාරි විජේරත්න
20. සංජීව එදිරිමාන්න
21. ජගත් කුමාර සුමිත්‍රාරච්චි 
22. ප්‍රේම්නාත් සී. දොලවත්ත
23. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ
24. ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්
25. රාජිකා වික්‍රමසිංහ 
26. මධුර විතානගේ
27. රංජිත් බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!