spot_img
spot_imgspot_img

හම්බන්තොට වරාය සහ නොරොච්චෝලේ බලාගාරය හදන්න ගත් විදේශ ණය ගැන රාජ්‍ය ලේඛනවල වාර්තා නෑ

පුවත්

විදෙස්

නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකිරීමට සහ හම්බන්තොට වරාය ඉදිකිරීමට විදේශ ණය ලෙස ලබාගත් රුපියල් මිලියන 289,000ක මුදල් රාජ්‍ය මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නැතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවක දැක්වේ.

2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ණය පාලනය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාපර්තමේන්තුව එම වාර්තාව සකසා තිබිණි.

හම්බන්තොට වරාය සඳහා ලබාගත් විදේශ ණය ප්‍රමාණය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2018, 2019, 2020 සහ 2021 වර්ෂවල මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත් කර ඇත.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ අදියර 1 හා 2 මෙන්ම හම්බන්තොට වරායේ අදියර 1 හා 2 සඳහා ලබාගත් රුපියල් මිලියන 289,357කට වැඩි විදේශ ණය රජයේ මූල්‍ය ප්‍රකාශනවල සටහන්ව තිබී නොමැත.

2018 දෙසැම්බර් 31 වන දින වනවිට මෙරට සමස්ත දේශීය හා විදේශීය ණය රුපියල් බිලියන 12,030.5ක් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 67.92ක් වූ අතර 2021 දෙසැම්බර් 31 වනවිට සමස්ත ණය බර රුපියල් බිලියන 17,589.3ක් එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 87.75ක් දක්වා ඉහළ ගොස් ඇති බව එහි සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!