spot_img
spot_imgspot_img

රජය ගොඩනැගිලි කුලියට ගැනීමට කෝටි 48,200ක් වැය කරලා

පුවත්

විදෙස්

රජයේ ආයතන සඳහ‍ා, ගොඩනැගිලි මිල දී ගැනීමට, කුලියට ගැනීමට සහ ඉඩම් මිල දී ගැනීම සඳහා ගත වූ වසර 04ක කාලයේ දී රුපියල් කෝටි 48,200ක් වැයකර ඇතැයි ජාතික විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවක දැක්වේ.

මෙම මුදල් වැය කර ඇත්තේ 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා ‍රාජ්‍ය ආයතන 142ක් වෙනුවෙනි. රුපියල් කෝටි 48,200ක් වැය කර ඇති බව විගණන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ආයතන 142ක් සඳහා ගොඩනැගිලි 1166ක් කුලියට ගැනීම සම්බන්ධ වාර්තා විගණනය කිරීමෙනි.

රජය මෙම කාර්යය සඳහා අදාල වර්ෂ හතරේ දී රුපියල් කෝටි 72,000ක් වෙන් කර තිබී ඇත. ඒ ගොඩනැගිලි ඉදිකිරීම, ඉඩම් මිල දී ගැනීම, කුලියට ගැනීම මෙන් ම ඉදිකිරීම සහ පුනරුත්ථාපනය වෙනුවෙනි.

මෙම මුදල සමස්ත රාජ්‍ය පිරිවැයෙන් 16%ක් තරම් විශාල අගයක් ගනී.

විගණන දෙපාර්තමේන්තුව පවසන්නේ මෙතරම් විශාල මුදලක් වැය කර ඇත්තේ රජය සතු ගොඩනැගිලි උපරිම කාර්ය සාධනයකින් යුතුව ප්‍රයෝජනයට නොගනිමින් බව ද විගණන වාර්තාවේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!