spot_img
spot_imgspot_img

නිවසක ගින්නකින් සැමියාත්, බිරිඳත් මරුට

පුවත්

විදෙස්

නිවසක ඇති වූ ගින්නකින් සැමියා සහ බිරිඳ මියගොස් ඇතැයි වැල්වැටිතුරේ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්වැටිතුර නෙදියකාඩු ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වූ සරවනභවා රංජිත්කුමාර් නමැති සැමියා සහ 26 හැවිරිදි ක්‍රිෂාන්තිනී නමැති ඔහුගේ බිරිඳයි.

ඔවුන් දෙදෙනා සිටි කාමරයේ අද අලුයමගින්නක් ඇති වූ බව දැන 4.15ට පමණ ගින්නක් ඇති  වී තිබෙනු දැක නිවසේ අනෙක් අය කාමරයේ දොර කඩා එහි ඇතුළු වී ඔවුන් බේරාගැනීට උත්සාහ ගත්ත ද ඒ වනවිටත් දැඩි පිළිස්සුම් තුවාල ලබා සිටි දෙදෙනා මියගොස් සිටියේයැයි පොලිසයි පවසයි.

ඔවුන් නිදා සිටි කාමරයේ පෙට්‍රල් පිරවූ බෝතල් කිහිපයක් තිබී ඇති බවත් කිසියම් හේතුවකින් මෙම බෝතල්වලට ගිනි ඇවිලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය සැක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!