spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 28,975 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,864 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 17ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,961  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,649
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 676
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 538

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 11
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 07
  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • අමානා ලයිෆ් සමාගම 15%
  • ටී ස්මෝල් හෝල්ඩර් සමාගම 14%
  • හපුගස්තැන්න වැවිලි සමාගම 14%

සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු

  • එක්ස්පෝ ලංකා සමාගම  කොටස් මිලියන 10ක් රුපියල් 228.00 බැගින්
  • කොමර්ෂල් බැංකුව කොටස් 500,000ක් රුපියල් 55.00 බැගින්
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම කොටස් ලක්ෂ 09ක් රුපියල් 69.00 බැගින්
  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 12.40 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 439
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 239
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 191

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 2,379ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 326ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 2,053ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,336
  • ලංකා අයි‍ඕසී සමාගම රුපියල් මිලියන 07
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 06

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 275
  • ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 15
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!