spot_img
spot_imgspot_img

ගින්නෙන් නිවාස 50කට හානි. කිසිවකුට හානියක් නෑ

පුවත්

විදෙස්

කොළඹ, තොටළඟ කජීමාවත්තේ ඇති වූ ගින්න මේ වනවිට මුළුමනින්ම නිවා දමා ඇතැයි ගිනිනිවන දෙපාර්තමේන්තුව පවසයි.

එම වත්තේ පිහිටි පැල්පත් නිවාස රැසක් ගිනිගෙන ඇති අතර විනාශ වූ නිවාස සංඛ්‍යාව 50ක් පමණ වෙතැයි ද කිසිවෙකුට තුවාල සිදුව නැතැයි ද පොලිසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මෙම ගින්න නිවීම සඳහා ගිනිනිවන රථ 10ක් යෙදවූව ද ගින්න හටගත් ස්ථානයට ළඟා වීමට තිබූ පාරවල් පටු බැවින් ගිනි නිවන රථවලට එයි ළඟාවීම පවා අපහසු වී තිබිණි.

කැලණි ගඟෙන් ජල බවුසරවලට වතුර පුරවා ගෙනවිත් ගින්න නිවීමට ද කටයුතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!