spot_img
spot_img

විදේශිකයෝ රුපියල් බිලියන 10කට ආසන්න කොටස් මිල දී අරන්

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ 2022 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දා සිට අද (20) දින දක්වා විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 9,969ක් වටිනාකමින් යුතු කොටස් මිල දී ගෙන තිබේ. මෙය ශුද්ධ මිල දී ගැනීමක් වන අතර විදේශ විනිමය අර්බුදය හමුවේ මෙවැනි මුදලක් ලැබී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනයට විශාල දායකත්වයක් සපයන බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. එම විදේශ ආයෝජකයන්ට ද ඉන් වැඩි ප්‍රතිලාභයක් ලබාගත හැකි වීම විශේෂත්වයකි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 33,802 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,052 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 124 පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,901  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,765
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 771
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 155

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 12
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන් ජෙම්ස් සමාගම 22%
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම 15%
  • බ්‍රවුන්ස් බීච් සමාගම 13%

සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 10ක් රුපියල් 228.00 බැගින්
  • කාර්ගිල්ස් සමාගම කොටස් ලක්ෂ 02ක් රුපියල් 225.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 439
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 240
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 198

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 2,461 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 42ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 2,419ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,322
  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 56
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 15

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 10
  • ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 04
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!