spot_img
spot_imgspot_img

ජාත්‍යන්තර ක්‍රිකට් නීති වෙනස් කරයි

පුවත්

විදෙස්

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල දී මෙතෙක් භාවිතා කළ නීති කිහිපයක් වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් 01 වැනි දා සිට එම නීති ක්‍රියාත්මක වෙයි.

  1. උඩපන්දුවක් ලබා දී ක්‍රීඩකයා දැවී යන විට පිතිකරුවන් දෙදෙනා පැතිමාරු කරගෙන සිටිය හොත් මීළඟ පන්දුවට පහර දීමේ අවස්ථාව පිටියේ රැඳී සිටින පිතිකරුවාට හිමිවුව ද එම නීතිය වෙනස් කළ නවක පිතිකරුවාට මීළඟ පන්දුවට මුහුණ දීමේ අවස්ථාව හිමිවෙයි.
  2. පන්දුව ඔප දැමීමට ක්‍රීඩකයන් සිය කෙළ භාවිතා කිරීම කොරෝනා හේතුවෙන් තාවකාලිකව තහනම් කර තිබූ අතර එය සම්පූර්ණයෙන් ම තහනම් කර දමා තිබේ
  3. ක්‍රීඩා පිටියට අලුතෙන් පැමිණෙන පිතිකරුවකු ටෙස්ට් සහ එක්දින තරඟවල දී විනාඩි දෙකක් ඇතුළත පහර දීමට සූදානම් වීම අනිවාර්ය බවට නීතියක් පනවා තිබේ. මෙය විස්සයි 20 තරඟවල දී තත්පර 90ක කාලසීමාවේ කිසිදු වනසක් කර නැත.
  4. පන්දුවට පහර දෙමින් සිටින පිතිකරුවාගේ පිත්ත, ශරීරය හෝ මොනයම් කොටසක් තණතීරු සීමාව තුළ තිබීම අනිවාර්යය වන අතර ඔහු ඉන් පිටතට ගියහොත් එම පන්දුව අජීවී පන්දුවක් ලෙස විනිසුරුවරයා විසින් තීරණය කරයි
  5. පිතිකරුවාට තණතීරුවෙන් ඉවත්වීමට උත්සාහ ගන්වන ඕනෑම පන්දුවක් නිපන්දුවක් ලෙස ද නම් කිරීමට නව නීතිය අනුව විනිසුරුට බලය පැවරෙනවා
  6. පන්දු යවන්නා පන්දු යැවීම සඳහා දුවගෙන එන අවස්ථාවේ දී පන්දු රකින්නන් අසාධාරණ ආකාරයේ වෙනසක් සිදුවුවහොත් එම පන්දුව අවලංගු කිරීමට සහ පන්දුවට පහර දෙන කණ්ඩායමට දඬුවම් ලකුණු 05ක් ලබා දීමටත් නව ක්‍රිකට් නීතිය අනුව විනිසුරුවරයාට අවස්ථාව ලැබෙයි
  7. පන්දු යවන්නාගේ අන්තයේ සිටින පිතිකරුවා පන්දුව යොමු කිරීමට පෙර දිවීමට උත්සාහ ගන්නා අවස්ථාවක ඔහු දවා ගැනීමට මීට පෙර “මන්කාඩ් දැවීයාමක්” ලෙස තිබූ අවස්ථාව නීත්‍යානුකූල දුවද්දී දැවීයාමක් ලෙස හඳුන්වා ඇත
  8. ක්‍රීඩකයකු පන්දු යැවීමට පැමිණෙන විට පිතිකරුවා සීමා ඉරෙන් ඉදිරියට එන බව පෙනෙන්නේ නම් පන්දු යවන්නාට පන්දුව පිතිකරණ අන්තයේ කඩුල්ලට විසි කරන දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට පෙර තිබූ නීතිය අනුව හැකියාව තිබුණ ද නව නීතිය අනුව එය අජීවී පන්දුවක් බවට පත්කර ඇත.
  9. විස්සයි 20 තරඟ සඳහා මෙම වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වූ පරිදි න්දු රකින කණ්ඩායම නියමිත කාලය තුළ දී පන්දුවාර සංඛයාව ක්‍රියාත්මක නොකළහොත් ඉනිමේ ඉතිරි පන්දු යැවීමේ දී යාර 30 සීමාව තුළට සම්මත ක්‍රීඩකයන් ප්‍රමාණයට වඩා තවත් අමතර ක්‍රීඩකයකු කැඳවිය යුතු යැයි ඇති නීතිය එක්දින තරඟ සඳහා ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!