spot_img
spot_imgspot_img

පාසල් දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමට චක්‍රලේඛයක් එයි

පුවත්

විදෙස්

පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (07) පාර්ලිමේන්තුවේ දී කීවේය.

දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිත සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින බැවින් එය වැළැක්වීමේ එක් පියවරක් ලෙස මෙය සිදුකරන බව ද අමාත්‍යවරයා පවසයි.

මහා පරිමානයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වන මත්ද්‍රව්‍ය පාසල් දරුවන් අතරට සියුම් සහ උපක්‍රමශීලී ලෙස යැවීමේ වැඩපිළිවෙලක් ඇති බැවින් මේ සම්බන්ධ දැඩි අවධානයක් යොමුකිරීම දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමක් බව ද ඇතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!