spot_img
spot_imgspot_img

ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට බලාපොරොත්තු එක්කරති

පුවත්

විදෙස්

ආසියානු කුසලාන තරඟාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවමින් ඇෆ්ගනිස්තානය ඊයේ (30) බංග්ලාදේශය පරාජයට පත්කරමින් කඩුලු 07ක පහසු ජයක් අත්කරගත්තේය.

මේ සමඟ හෙට (01) පැවැත්වෙන ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම බී කාණ්ඩයේ ශූරයන් බවට පත්ව ඇති ඇෆ්ගනිස්තානය සමඟ සුපිරි 04 දෙනාගේ වටයට පිවිසෙයි.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම තෝරාගත් අතර ඔවුන්ට මුජිබර් රහමන් ලකුණු 16කට කඩුලු 03ක් සහ රෂීඩ් ඛාන් ලකුණු 22කට කඩුලු 03ක් බිඳ හෙළීම හේතුවෙන් ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 07ක් දැවී ලකුණු 127ක් පමණි.

පිතිකුරුවන් එක දිගට දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගෙන පන්දුවට පහරදුන් මොසැඩිඩෙක් හොසේන් පන්දු 31ක දී හයේ පහර 01ක් සහ හතරේ පහර 04ක් සමඟින් නොදැවී ලකුණු 48ක් රැස්කළ ද ඔහුගේ උත්සාහය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට අභියෝගයක් වන ලකුණු සංඛ්‍යාවක් දක්වා රැගෙන යාමට අපොහොසත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 128ක් ලබාගැනීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු 09ක් ඉතිරිව තිබිය දී ම තම ඉලක්කය සම්පූර්ණ කළේ කඩුලු 03ක් පමණක් බිඳවැටී තිබිය දී ය. තුන්වැනි කඩුල්ල බිඳවැටීමෙන් පසු පිටියේ එකතු වූ ඊබ්‍රහීම් සදාන් (නොදැවී 42යි) සහ නජිබුල්ලා සදාන් (නොදැවී 43) පන්දු 33කින් වේගවත් ලකුණු 69ක් වාර්තා කරමින් ජයග්‍රහණය පහසු කර ගත්තේ ය.

එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ නජිබුල්ලා සදාන් සිය ලකුණු 43 ලබාගැනීමට වැය කර තිබුණේ පන්දු 17ක් පමණි. ඒ ඉනිමට 06 පහර 06ක් ම ඇතුළත් විය. ඊබ්‍රහිම් සිය ලකුණු 42 ලබාගත්තේ පන්දු 41කිනි.

මෙම ජයග්‍රහණයත් සමඟ ඇෆ්ගනිස්තානය මූලික වටයේ තරඟ දෙක ම ජය ගනිමින් අපරාජිතව සුපිරි 04 දෙනාගේ වටයට පිවිසෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!