9.8 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 19,194ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,134ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 28ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 12,376ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම ‍රුපියල් මිලියන  160
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 138
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 127

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 20
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම  කොටස් මිලියන 17
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එන්බීඑස්එල් සමාගම 14%
  • මුලර්ස් සමාගම 08%
  • සීඩීබී බැංකුව 07%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 279,000ක් රුපියල් 202.50 බැගින්
  • එන්ඩීබී බැංකුව කොටස් 300,000 රුපියල් 78.00 බැගින්
  • සියරා කේබල් සමාගම කොටස් 4,000,000ක් රුපියල් 12.50 බැගින්
  • ඩිමෝ සමාගම කොටස් 85,000ක් රුපියල් 638.00 බැගින්
  • ඇක්සස් ඉන්ජිනියරිං සමාගම කොටස් 1,000,000ක් රුපියල් 225.40 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 304
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 244
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 240

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 52ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 23ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 29ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයේජනය කර තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලයන 19
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 10
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ලකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 05
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 03
  • ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img