spot_img
spot_imgspot_img

“IMF සාකච්ඡා සාර්ථකයි” – මහ බැංකු අධිපති

පුවත්

විදෙස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. පළමු වටයේ දී කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා පැවැති බව ද ඔහු අද (30) පැවැති රැස්වීමක දී කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය අර්බුදයෙන් මිදීම සඳහා ණය අපේක්ෂා කරන රටකට සුදුසු බවයි. එමෙන්ම අර්බුදයෙන් ගොඩඒමට නමන් ඉතාමත් වේදනාකාරී ක්‍රියාවලියක් පසුකළ යුතුයැයි ද මහබංකු අධිපතිවරයා කීවේය.

“අපි වැටී සිටි තැනත්, අද සිටින තැනත් බලන විට අපි ප්‍රගතියක් ලබා තිබෙනවා. මීට මාස තුනකට පෙර මෙවැනි රැස්වීමක්වත් සංවිධානය කළේ නැහැ. කිසිවෙක් මෙවැනි දේට එන්නේ නැහැ.  අපට ලැබුණේ හැමෝගෙම දුක් ගැනවිලි විතරයි. රැකියා අහිමි වීම්, ආනයනය සීමා නිසා ආනයනය කළ නොහැකි දේ ගැන. ඉහළ පොළී අනුපාත නිසා ව්‍යාපාර කරන්න බෑ කියන කතා. රැකියා අහිමිවීම්. මුදල් නැති නිසා ව්‍යාපාර කරන්න බෑ කියන කතා තමයි අපිට අහන්න දකින්න ලැබුණේ දැන් යම් විශවසනීයත්වයක් අප සතුයි. ඉදිරි වසර තුන හතරක කාලය අතිශය වැදගත් සහ තීරණාත්මකයි. ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සඳහා අපිට එකඟතා ඇතිකරගන්න වුවමනා වෙනවා. දේශපාලනික වශයෙන් අපි ජනප්‍රිය නොවේවි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධානය, බදු ඉහළ නැංවීම, පොළී අනුපාත ඉහළ නැංවීමම සියල්ල අපිට කරන්න වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!