spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඈවරයි ?

පුවත්

විදෙස්

අධික පාඩුවක් ලබමින් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට දැනටමත් කටයුතු කරමින් සිටින බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 51%ක් රජය සතුව තබාගනිමින් ඉතිරි කොටස් 49% ආයෝජකයකුට ලබාදෙන බවයි. එමෙන්ම ශ්‍රී ලංකන් කේටරින් සමාමෙන් සහ ගුවන්තොටු‍පොළ මෙහෙයුම්වලින් 49%ක් ද ආයෝජකයන් වෙත අළෙවි කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධ කටයුතු අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබ කමිටුවක් සහ තාක්ෂණික කමිටුවක් මගින් සිදුකරන බවත්, සේවකයන්ගේ රැකියා සහ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය සැළසුම් සකස්කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ ද සහභාගී වී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!