spot_img
spot_imgspot_img

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි මුදලත් පිල්ලි ගහලා ?

පුවත්

විදෙස්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට අදියර තුනක් යටත‍ේ රුපියල් කොටි 159කට අධික මුදලක් ලැබී ඇතත් එම මුදලට සිදුවූ දෙයක් නැත.

මේ පිළිබඳ මව්බිම පුවත්පත විසින් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද සොයා බැලීමක දී එම කරුණු අනාරවරණය වී තිබේ.

තොරතුරු ඉල්ලීමට ලැබී ඇති පිළිතුරුවලින් අනාවරණය වන්න් අදාල රක්ෂණ සමාගම විසින් ශ්‍රී ලංකා රජයට අවස්ථා තුනක දී මුදල් ගෙවා ඇති බවයි.

පළමු අතුරු වන්දිය රුපියල් කෝටි 34.8කි

දෙවැනි අතුරු වන්දිය රුපියල් කෝටි 33.5කි.

තුන්වැනි අතුරු වන්දිය රුපියල් කෝටි 91.1කි.

කෙසේ වෙතත් මෙම මුදල් ලබාදීමේ දී එහි තොරතුරු ගොනුව සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය කිසිවවක් ප්‍රකාශ කර නැත. නමුත් බස්නාහිර පළාතේ හඳුනාගත් ධීවර කාර්මිකයන් 15,032 දෙනකු අතර මේ මුදල් බෙදා දී ඇි බව පමණක් සහන් කර තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට නුදුරු මුහුදේ දී ගිනිබත් වී විනාශ වූ අතර නැවේ බලපෑමට හසුවීමනේ මුහුදු ජීවීන් විශාල වශයෙන් මිය ගිය අතර නැවේ සුන්බුන් සහ එහි තිබූ ද්‍රව්‍ය වෙරළට ගොඩගැසීම හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවිය.

වන්දි මුදල් අයකරගැනීමේ දී නෞකාව මගින් සිදු වූ විනාශය ගණනය කිරීම අධිකරණ අමාත්‍යාංශයට අයත් කාර්යයක් වුව ද මේ සම්බන්ධව එම අමාත්‍යාංශය සතුව ද තොරතුරු නැති බවට අන්තර් අමාත්‍යාංශය හා ආයතන සම්න්ධීකාරක වශයෙන් පමණක් අධිිකරණ අමාත්‍යාංශය කටයුතු කරන බව ද එහි තොරතුරු නිලධාරී වරයා දැනුම් දී තිබේ.

මේ කරුණුවලින් පෙනී යන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුව ඇති හානිය පිළිබඳ සැබෑ වාර්තා සැඟවීමට රජය කටයුතු කළ ආකාරයෙන් ම වන්දි මුදල් ද සැඟවීමට උත්සාහ ගන්නේ ද යන්න ගැටලුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!