කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 20,476ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,248ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 60 කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,732ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 244
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 153
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 40
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාග කොටස් මිලියන 3.9
- ඒසියා සියාකා සමාගම කොටස් මිලියන 3.6
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 3.3
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
- ඊස්ටන් මර්චන්ට් සමාගම සමාගම 20%
- හැටන් ප්ලාන්ටේෂන් සමාගම 18%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 418
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 259
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 170
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 115ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 56ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 59ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 102
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 03
- බීපීපීඑල් සමාගම රුපියල් මිලියන 01
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 17
- බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 06
- මස්කෙළිය වැවිලි සමාගම රුපියල් මිලියන 03
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ