spot_img
spot_imgspot_img

සනත් නිශාන්ත‍ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අධිකරණයට අපහාස වන අයුරින් සිදුකළායැයි කියන ප්‍රකාය සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණනයට අද (29) පෙත්සමක්  ගොනුකර ඇත.

නීතිඥ ප්‍රියලාල් සිරිසේන විසින් මේ පෙත්සම ගොනුකර තිබිණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණු පක්ෂ මූලස්ථානයේ දී ඔහු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙලෙස අධිකරණයට අපහාස සිදුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

එම පෙපත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම්කර තිබේ.

පෙත්සම්කරු පවසන්නේ පළමු වගඋත්තරකරු අපරාධ සිද්දීන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අයකු වන අතර පසුගිය මැයි 09 වැනි දා ගාලු මුවදොර අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග ව නඩුවේ සැකකරුවකු ද බවයි.

ඔහු පසුගිය 23 වැනි දා අධිිකරණයට අපහාස වන අයුරින් අදහස් දක්වා ඇති බව ද පෙත්සම්කරු චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!