spot_img
spot_imgspot_img

දශක ගණනාවක් ජනතාවට පොලු තැබූ විදුලිබල මණ්ඩලය පොළී ගෙවන්න සල්ලි නැතැයි අධිකරණයේ දී කියයි

පුවත්

විදෙස්

විදුලි සම්බන්ධතා ලබා දීමේ දී පාරිභෝගිකයන්ගෙන් අයකර ඇති තැන්පත් මුදලට නිසි පොළියක් ගෙවන්න බවට විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී එකඟ වී තිබේ.

මෙවැනි එකඟතාවක් ඇති වී තිබෙන්නේ විදුලි පාරිභෝගික සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී ය. එම පෙත්සම විදුලිබල හා පුන්ර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමය එහි සභාපති මහේෂ් බණ්ඩාර ඉලංගසිංහ, එහි ලේකම් ප්‍රසාද් භාාතිය අමරකෝන් යන දෙදෙනා විසින් ගොනුකර තිබිණි.

විදුලිබල පනතේ 28 වැනි වගන්තිය යටතේ විදුලි සම්බන්ධතා ලබාදීමේ දී අයකරනු ලබන තැන්පපතු මුදල් සඳහා ‍පොළියක් ගෙවීමට විදුලි බල මණ්ඩලය බැඳී සිටින බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට පවසා ඇත්තේ පාරිභෝගිකයන් සතු එම අයිතිය තමන් පිළිගන්නා බවයි. එසේ වුව ද මේ වනවිට විදුලිබල මණ්ඩලය මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බැවින් එම පොළිය ගෙවළුීමට නොහැකි බවත් ඔහු පවසා තිබේ.

අදාල මුදල පාරිභෝගිකයාගේ විදුලි බිලෙන් අඩුකිරීමට හැකියාවක් ඇති බව ද නීතිඥවරු පෙන්වා දුන්හ. මෙම කරුණු සළකා බැලීම සඳහා අදාළ පෙත්සම ඔක්තෝබර් මස 04 වැනි දා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!