spot_img
spot_imgspot_img

අරගල භූමියෙන් ඉවත් නොවන බව අරගලකරුවෝ විදෙස් මාධ්‍යයට කියති

පුවත්

විදෙස්

පොලිසිය දැනුම් දුන්න ද, ගෝල්ෆේස් අරගල භූමිය අතහැර නොයන බව අරගලකරුවෝ පිරිසක් BBC පවත් සේවය සමඟ පවසා තිබේ.

සමාජ ක්‍රියාකාරිකයකු වන අසංක අබේරත්න පවසන්නේ තමන්ට පොලිසියේ නියෝගය අදාල නැති බවයි. රටේ හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබුණ ද භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පුරවැසියන්ට හිමිවන බවත් එබැවින් තමන් ඇතුළු කණ්ඩායම පොලිසිය ලබාදෙන නියෝග අනුව ඉවත්ව නොයන බවත් ඔහු කියා සිටියේය. ඔවුන් කියන්නේ ඉතාමත් වටිනා බිම් කඩක් වන මෙම අරගලය පවතින ස්ථානය ඔවුන් ඉවත්කර විකුණා දැමීමට රජය සැළසුම් කරන බව තමන්ට තොරතුරු ඇති බවයි.

අරගල භූමියේ සිටින ශාන්ත විජේසූරිය පවසන්නේ ද පොලිසිය ලබා දී ඇති උපදෙස් තමන් ඇතුළු පිරිස පිළිනොගන්නා බවයි. පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන නැති බවත් නීතිඥයන් කණ්ඩායමක් විසින් රිඩ් ආඥාවක් ඉල්ලා ඇති බැවින් එතෙක් අරගල භූමිය හැර නොයන බව ද ඔහු පවසයි. පලායන අරගලකරුවන් නොමැති යැයි ඔහු කීවේය.

මේ අතර ප්‍රථමාධාර සේවා සපයන ශාන්ත ජෝන් ගිලන් රථ සේවය එම අරගල භූමියේ ඉදිකර තිබූ කූඩාරම් ඉවත් කරගැනීමට කටයුතු කර තිබිණි.

එහි කොළඹ දිස්ත්‍රික් සහකාර කොමසාරිස් ගයාෂාන් ලක්මාල් පවසන්නේ රටේ නීතියට ගරු කරමින් තම කණ්ඩායම එම ස්ථානයෙන් ඉවත්ව යන බවයි. එසේ වුව ද ඕනෑම හදිසි අවස්ථාවක දී තම කණ්ඩායමේ සේවය ලබාදෙන බව ද ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!