spot_img
spot_imgspot_img

රවි කරුණානායක හෙලිකොප්ටර් සවාරියක

පුවත්

විදෙස්

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හෙලිකොප්ටර් යානයකින් මන්නාරමට යාමේ සිදුවීමක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

ඊයේ (02) හදිසියේ ම ඔහු පුද්ගලික හෙලිකොප්ටර් යානයකින් මන්නාරමට පැමිණ තිබිණි. එම යානය ගොඩබැස්වූ ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් ඔහුගෙන් එහි පැමිණි කාරණය විමසා සිටිය ද ඔහු ඊට පිළිතුරු දෙන්නේ නැත.

හෙලිකොප්ටරය ගොඩ බැස්ස වූ ස්ථානයේ සිට ඔහු මෝටර් රථයකින් පිටව යයි. මාධ්‍යවේදීන් පවසන්නේ රවී කරුණානායක පිලිගැනීම සඳහා පැමිණ සිටියේ මුහුදු ආහාර නිෂ්පාදන සමාගමක නියෝජිතයන් පිරිසක් බවයි.

රටේ ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක දී මෙරට හිටපු මුදල් අමාත්‍යවරයකු මෙලෙස හෙලිකොප්ටර් ගමන්වල නිරතවීම දැඩි කතාබහට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!