spot_img
spot_imgspot_img

ඉන්ධන බෙදීම යළි වෙනස් කරයි. පොලිසියටත් සීමා

පුවත්

විදෙස්

ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් රජය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අගෝස්ත මස 01 වැනි දා සිට  QR ක්‍රමය රට පුරාම ක්‍රියාත්මක වෙයි. ඉන්ධන බෙදා හැරීමේ දී QR ක්‍රමයට අනුගත වූ ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමුඛත්වය ලබා දෙන බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

මීට අමතරව අංක තහඩුවේ අවසන් ඉලක්කම මත පදනම් ක්‍රමය, ටෝකන් සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනිකුත් සියලු ක්‍රමවේද අගෝස්තු 01 වැනි දා සිට අවසන්වන බවද  QR කේතය සහ නියමිත කෝටා ව පමණක් වලංගු බව ද විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය පවසයි.

QR ක්‍රමයට ඉන්ධන ලබාදීමේ දී ඉන්ධනහල්වලින් නිකුත්කරනු ලබන ඉන්ධන ප්‍රමාණය පිළිබඳ නිරීක්ෂණය කළ හැකි බැවින් ඒ අනුව ඉන්ධන හිඟයකින් තොරව බෙදාහැරීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

චැසි අංකය අනුව තම රථයේ QR කේතය ලබාගත නොහැකි වූවේ නම් ආදායම් බලපත්‍ර අංකය සමඟ ලියාපපදිංචිවීමට හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

සියලුම ත්‍රී රෝද රථ අදාල පොලිස් ස්ථානයේ ලියාපදිංචි කළ යුතු අතර ඔවුන්ට ආසන්නත ම ඉන්ධන පිරවුම්හළ නම් කර ලබාදිය යුතුය. විදුලි ජනක යන්ත්‍ර, උද්‍යාන නඩත්තු උපකරණ, යන්ත්‍රෝපකරණ ඇතුළු ඉන්ධන භාවිතා කරන අනෙකුත් උපකරණ සඳහා ඉන්ධන වර්ගය සතිපතා අවශ්‍යතාව සහ ඉන්ධන ලබාගැනීමට අපේක්ෂා කරන පිරවුම්හළ තෝරාගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචිවන ලෙස ද අමාත්‍යාංශය දැනුම් දී ිතබේ.

ව්‍යාපාරික ආයතනවල වාහන කිහිපයක් ඇත්නම් ඒ සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකයට QR කේතය ලබාගැනීමේ හැකියාව පවතී.

පොදු ප්‍රවාහන සේවා බස් සඳහා ඉන්ධන ලංකා ගමනා ගමන මණ්ඩලයේ පිරවුම්හල් වෙතින් ලබාදෙන බවත්, මාර්ග බලපත්‍රය සහ ධාවනයට ඇති කිලෝ මීටර ගණන අනුව ලබාදෙන ප්‍රමාණය තීරණය කරන බවත් අමාත්‍යාංශය දැනුම් දෙයි

අනුමත කර ඇති පාසල් දරුවන් ප්‍රවාහන රථ, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාර, ගිලන්රථ ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබාදීම ද ගමනා ගමන මණ්ඩලයෙන් සිදුකරයි.

එක් එක් පොලිස් ස්ථානය වෙනුවේන තෝරාගත් ඉන්ධන පිරවුම්හළකින් පමණක් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන්කරන ලද කෝටාවක් ලබාදීමට ද තීරණය කර තිබේ.

මේ අතර නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කිරීම, විකිණීම හෝ ඉන්ධන ලබාදීමේ දී උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම සිදුවන්නේ නම් ඒ පිළිබඳ වීඩියෝ, ඡායාරූප සාක්ෂි වට්ස්ඇප් හරහා 0742 123 123 අංකයට යොමු කරන ලෙස අමාත්‍යාංශය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!