spot_img
spot_imgspot_img

ෆොන්සේකා අරගලකරුවන්ට කළ ආන්දෝලනාත්මක ආරාධනය

පුවත්

විදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) කරන ලද ප්‍රකාශය ආන්දෝලනාත්මක සහ නොකිව යුතු කතාවක් යැයි දේශපාලන විචාරකයෝ කියති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රටේ භෞමික අඛණ්ඩතාව සහ සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින මන්ත්‍රීවරයකු ඒ සියල්ල අභියෝගයට ලක්කරමින් ප්‍රකාශ නිකුත් කිරීම ගැටලුවක් බව ද ඔවුහු පෙන්වා දෙති.

සරත් ෆොන්සේකා ඊයේ හදිසි නීතිය පිළිබඳ විවාදයට එක්වෙමින් කියා සිටියේ මුළු රටම එකතු කරගනෙ ලබන අගොස්තු 09 වැනි දා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරාගන්න කියා අරගලයේ දරුවන්ගෙන් තමන් ඉල්ලීමක් කරන බවයි.

වෙනත් අරමුණු වෙනුවෙන් නොබෙදී එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙස අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කීවේය.

ආණ්ඩුව අරගලකරුවන් තුවක්කු බලයෙන් මර්ධනය කිරීමට උත්සාහ ගනිිමන් සිටින බැවින් ඊට කිසිම ආකාරයකින් මැදිහත් නොවන්න යැයි තමන් පොලිසිය සහ හමුදාවේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් සරත් ෆොන්සේකා පැවසුවේය. දූෂිත පාලකයන් සිටින තුරු රටට මුදල් එවීමෙන් වළකින ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ද අරගලකරුවන්ට තමා සෑමවිටම ආශිර්වාද කරන බව ද කීවේය.

විවිධ අවස්ථාවල දී වටිනා දේවල් විනාශ වී ඇතැයි ඇතැම් අය කීව ද අරගලකරුවන් කැප වී සිටින්නේ එවැනි විනාශ වූ දේට වඩා වැඩි දෙයක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ලබාදීමේ උතුම් අරමුණින් බව කවුරුත් සිහිතබා ගත යුතු යැයි ද සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී කීවේය.

13 COMMENTS

  1. ඌට අමු කැවිලද කොහෙද, බල පෙරේත කමින් උසි ගන්වනවා.

  2. Bala thanhawe katede thiyenne kiyala hodin as arela balande. Plain ekedi minihekte kerapu de lokeyeme dannewa. Perethe pawkareyo kalakanniyo feviyo nubela vinase keranewa. Plain eke n elite gande oye vidhihete hasirenne ai? Mini marelade? Plain staff eke manusseyek wage elite Aran dei .habai nubela me keranne nubelateme meloweme partisan dene dewal. Pawkareyo kalakanniyo

  3. මට ජනාධිපති වෙන්න බැරිවුණා .. ඊළඟ 9 වත් මාව ජනාධිපති කරන්න සජියාට උඩින් උඹලා කීයක් හරි මැරිලා හරි …” මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න “…

  4. අනෙ ෆොන්සේකා තමුන්ගෙ තරම දැනගෙන වැඩ කරන්න.තමුන් උඩ පනින්නෙ වැඩි හොදකට නොවෙ..උබලා වගෙ බල ලොභියො එදත් අදත් හිටියා.රට ජීනිවා වලට අපේ හමුදාවෙ මිනිස්සුන්ව පාවා දිලා උබ ඔය මෛත්‍රීපාලට පින් සිද්දවෙන්න ෆීල්ඩ් මාෂල් කම ඇමරිකන් බල්ලන්ව සංතෝෂ කරන්න ඕක දුන්නා මිසක් .තමුසෙ මොන සෙප්පඩයෙක්ද 🤗🤗

    • පොන්සේකාගේ ප්‍රකාශය මමත් පිලි ගන්නේ නෑ.ඒ වගේම උඹ වගේ මෝඩ හරකෙක්ගෙ කිමත් පිලිග්න බෑ.මොකද පොන්සේකා මොන සෙප්පඩයෙක්ද අහන උඹ යුද්දයක් තිබ්බා කියලා දන්නවද.හමුදාව මෙහෙයවූයේ ගෝඨාභයද…..කෝ..

  5. fonsekata one rata aarajika karanNa …RW ekka tharahata amathikan nathi nisa pissu kelinawa..ath adanguwata ganna me yakawa

  6. යකෝ මේ රටේ බැලින්නම් UNP කාරයොනේ ඉදල තියෙන්නෙ ඔක්කොම. COMMENT බැලුවම තේරෙනව. මට හිතාගන්න බැරි ඔච්චර UNP කාරයෝ ඉදලත් ගෝඨා චන්දෙන් දින්නෙ කොහොමද කියන එක😂 මං හිතන්නෙ ගොං UNP කාරයෝ ගෝඨා ගෙ බොරු වලට රැවටෙන්න ඇති 🤣🤣🤣

  7. අපිත් හොදට ෆිල්ම් බලන මිනිස්සු හොදමූන දාගෙන මෙහෙම ගේම් දෙන එක සාමාන්‍යයි

  8. ජයවේවා. නියමයි ඔබතුමාගෙ සහයෝගයට…. අරගලය දිනා මිස අප පසුබහින්නේ නෑ

  9. අගෝස්තු 9 බටලන්දේ වාදකයා රටින් පන්නදැමිය යුතුයි. සියලු දෙනාම එක්වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!