spot_img
spot_imgspot_img

දකුණේ සෞඛ්‍ය සේවකයන්ගේ මුල් මාස 06 දී අතිකාල දීමනාව කෝටි 166ක්. අනෙක් සියලු ක්ෂේත්‍රවලට 3%යි

පුවත්

විදෙස්

දකුණු පළාතේ  සෞඛ්‍ය සේවකයන් සඳහා 2022 ගත වූ මුල් මාස 06ක කාලයේ දී රුපියල් කෝටි 166ක අතිකාල දීමනා ගෙවා ඇතැයි දකුණ දකුණු පළාත් සභාවේ මූල්‍ය තත්වය පිළිබඳ පැවැති සාක්චඡාවක දී අනාවරණය විය.

එහි දී දකුණු පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්) සුනිල් පෝද්දිවෙල කියා සිටියේ ඉදිරි මාසවල දී සෞඛ්‍ය සේවකයන්ට අතිකාල ‍දීමනා ගෙවීමට පමණක් අමතර රුපියල් කෝටි 51.9ක් සොයාගැනීමට පළාත් සභාවට සිදුවන බවයි.

දකුණු පළාත් සභාව 2022 වර්ෂයේ දී වෛද්‍යවරුන්, පරිපූරක සහ අතුරු වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අතිකාල දීමනා ගෙවීමට වෙන්කර තිබූ මුදල රුපියල් කෝටි 280.5කි. පළමු මාස 06ක කාලයේ දී පමණක් ඉන් හරි අඩකටත් වඩා ගෙවා අවසන් කර තිබේ. දැනට ඉතිරිව ඇත්තේ රුපියල් කෝටි 114.3ක මුදක් පමණි.

දකුණු පළාත්‍ සභාවේ මූල්‍ය වාර්තා අනුව පැහැදිළි වන්නේ අනිකුත් සියලු ම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සේවකයන් සඳහා ගෙවන සමස්ත අතිකාල දීමනා ප්‍රමාණය සහ සෞඛ්‍ය සේවාවට ගෙවන අතිකාල දීමනා ප්‍රමාණය 100%ක් ලෙස සැළකූ විට ඉන් 97%ක් ම සෞඛ්‍ය අංශයට වෙන්වන බවයි. අනිකුත් සියලු සේවා සඳහා ගෙවනු ලබන්නේ වෙන්කරන අතිකාල දීමනා මුදලින් 3%ක ප්‍රමාණයකි.

නියේජ්‍ය ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ සෞඛ්‍ය සේවා සඳහා අතිකාල දීමනා ලෙස මාසයකට රුපියල් කෝටි 27.7 ක් වෙන් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!