spot_img
spot_imgspot_img

පැතුම් කර්නර් සොයා වැටලීම්

පුවත්

විදෙස්

අරගලයේ නායකයකු බව පවසන පැතුම් කර්නර් සොයා නිවාස දෙකක් වටලා ඇතත් ඔහු සොයාගත නොහැකි වූ බව පොලිසිය කියයි.

පාර්ලිමේන්තු පිවිසුම අසළ දී පසුගිය 13 වැනි දා යුද හමුදා සෙබළු දෙදෙනකුට පහර දී තුවාල සිදුකර ගිනි අවි පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා පැතුම් කර්නර් අවශ්‍යව ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරක් අනුව පෙරේදා (26) රාත්‍රී කැලණිය දික්පිිටියාගොඩ නිවසක් වටලා ඇත. කර්නර් එහි රැඳී සිටි බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇතත් ඔහු එහි නොසිටි බව වාර්තා වේ.

සියඹලාපේ ප්‍රදේශයේ පිහිටි, පැතුම් කර්නර් ට අයත් නිවසක් ද වටලා ඇතත් ඔහු එම නිවසේ ද නොසිටි බව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය පවසන්නේ පැතුම් කර්නර් සොයා තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවයි.

1 COMMENT

  1. මේ තවත් නාඩගම්කාරයෙක්. ධානිෂ් ආදර්ශයට ගත්තෙ මෙයා. හැබැයි ධානිෂ්ට මතක තිබුණෙ නෑ මෙයා ගියේ ‘‘දෙරණ‘‘ට කියල. මේක ටිකක් දිග කතාවක්. මේ ලිව්වෙ ඉතා ම කෙටියෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!